ඔයාලට මතක ඇති Assassin's Creed II game එකේදී Minerva, Ezio හරහා Desmond ට කියනවා තව Catastrophe එකක් එනව කියලා. ඒ වගේම Minerva කියනව දෙවෙනි Catastrophe එක නවත්තන්න නම් Desmond Ezio ගේ apple එක හොයාගන්න ඕන කියලා..
මේ නිසා Desmond, Ezio ගේ මතකයන් වල දිගටම Ezio apple එක හංගපු තැන හොයනවා. Desmond අන්තිමට දැනගන්නවා Ezio එයාගාව තිබුණ apple එක හැංගුවෙ Rome වල කියලා. ඊට පස්සේ Desmond, Lucy, Rebecca සහ Shaun රෝමයට යනවා.
ගිහින් Ezio ගේ apple එක හොයාගන්නවා. ඔන්න ඔතනදි තමයි මුලින්ම Juno එන්නේ. Desmond apple එක අල්ලනවත් එක්කම Juno Desmond ගේ පාලනය එයාගෙ අතට ගන්නවා. ඊට පස්සේ Juno Desmond ලාව Lucyට ,blade එකෙන් අනිනවා. මොකද Lucy කියන්නේ Templar කෙනෙක්.
ඊට පස්සේ Desmond කෝමා එකක්ට වැටෙනවා. Rebecca, Shaun සහ William Miles කියන කට්ටිය Desmond ව ඇමරිකාවට අරන් එනවා. Desmond කෝමා එකේ ඉන්න අතරතුරේදිත් දිගටම Ezio ගේ memories ගවේශණය කරනවා. ඒතකොට Desmond ට Sync Nexus ගැන දැනගන්න ලැබෙනවා. Sync Nexus එකේදී Desmond ට Jupiterව මුණගැහෙනවා.
Jupiter, Desmond ට central Vault එකේ location එක පෙන්නවා. කලින් posts ඔයා කියෙව්ව නම් දන්නවා central vault(Grand temple) එක කියන්නේ මොකද්ද කියලා. Desmond ලා grand temple එකට ගියාම මොකද වෙන්නේ කියන එක ගැන AC III post එක කියෙව්ව නම් ඔයාට දැනගන්න පුලුවන්. ඒක නිසා මම ඒක ආයි මෙතන type කරන්නේ නෑ.
Central Vault(Grand temple) |
දැන් ඔයාලට ප්රශ්නයක් තිබ්බ නේ. Minerva විනාශ කරපු Eye එක Desmond කොහොමද පාවිච්චි කලේ කියල. ඒක වෙන්නෙ මෙහෙමයි. Juno, grand temple එකේ හිරවෙලා ඉන්න කාලෙදි එයා මේ Eye එක repair කරනවා. එහෙම තමයි Desmond ඒ Eye එක පාවිච්චි කරන්නේ.
Desmond eye එක අල්ලන්න යනකොට Minerva ඇවිල්ල Desmond ට කියනවා ඒක කරන්න එපා කියල. මොකද එහෙම කලොත් Juno නිදහස් වෙනවා. Minerva එයා හදපු පළවෙනි Eye එක විනාශ කලාට පස්සේ තව Eye එකක් හදනව. ඒ Eye එක හරහා Minerva ට පුලුවන් වෙනවා අනාගතය දකින්න. එතකොට Minerva දකිනව අනාගතයේදි Desmond ගිහින් Junoව නිදහස් කරනව කියල. මේ නිසා තමයි Minerva එයාගේ Hologram tape එකක් Desmond, Grand temple එකට එනකොට play වෙන විදිහට හදන්නේ.
නමුත් අවසානාවන්ත විදිහට Eye එක අල්ලනවත් එක්කෙ අපේ Desmond මැරෙනවා. Desmond මැරුනට පස්සේ එයගෙ body එක අරන් යන්න Abstergo එකේ කට්ටිය එනවා නේ. එතනදි Juno එයාගේ විඥ්ඥාණය.. එහෙම නැත්තන් ආත්මේ කියමු. ඒක ලේසි. Juno එයගේ ආත්මය Abstergo එකේ agents ලා ගාව තිබ්බ උපකරණයකට ඇතුල් වෙනව. ඒ හරහා Juno, Abstergo එකේ mainframe එකත් එක්ක connect වෙනවා. Junoට මේ වෙන කොට ශරීරයක් නෑ. එයාට ඕන වෙනවා ශරීරයකට ඇතුලු වෙන්න.
Juno |
මේ කාලේ වෙනකොට Aita ගේ Sage එකක් John Standish කියන නමින් ඉපදිලා ඉන්නවා. මෙය Abstergo එකේ IT technician කෙනෙක්. මෙයා ෂේප් එකේ අපේ player ගේ ඇගට Junoව ඇතුල් කරන්න මාර ගේමක් දෙනවා. ඒත් ඉතිං ඒ වැඩේ හරියන් නෑනේ. John ව Abstergo එකේ හිටපු security guard කෙනෙක් මරල දානව.
John Standish |
John මැරුනට පස්සේ Abstergo එක Johnවත් පරීක්ෂාකරනවා. එතකොට Abstergo එක දැනන්නවා John ටත් තියෙන්නෙ ISU ලාට වගේම triple-helix DNA කියලා. ඊට පස්සේ Abstergo එක Phoenix කියල project එකක් පටන් ගන්නවා. මේ project එකේ අරමුණ මොකද්ද දන්නවද. John ගෙන් ලබාගත්ත DNA animus එකට දාලා, animus එක හරහා Precursors ලාගේ මතකයන් හොයන එක. එතකොට animus එකේ ඉන්න කෙනාට Ezio, Altair ගේ මතකයන් Desmond බැලුව වගේම Precursors ලාගේ මතකයනුත් බලන්න පුලුවන්.
Abstergo එකේ අය හදන්නේ ඒ කාලේ Precursorsලා භාවිතා
කරපු තාක්ෂණය හොයාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ weapons හදන විදිහ ගැන එහෙම හොයන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට abstergo එකට Pices of Eden එක ගැන කිසි ගින්නක් නැතුව දැනගන්න පුලුවන්. මේක නම් සැහෙන්න දරුණුයි.
මේ වෙනකන් ආපු Assassin's Creed games වලින් ISUලට අදාල කථාව නම් මෙච්චරයි..අපි බලමු ඉතින් ඉස්සරහට තව මොනා වෙයිද කියල..
මුලාශ්රය : Assassin's Creed Wiki.
මේ post එක කියවල ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න අමතක කරන්නත් එපා... තරහ නැතුව පල්ලෙහයින් පොඩි comment එකක් දාල යන්න හෝදේ.. comment එකක් දාන්න හරිම ලේසී.. කරන්න තියෙන්නේ comment as Anonymous කියන එක click කරන එක විතරයි..
ඒ වගේම අපේ FB page එකට like එකක් දාල පොඩි support එකක් දෙන්න අමතක කරන්නත් එපා.. මෙන්න link එක..
https://www.facebook.com/Game-Reader-955126177868353/
Gamereader-lk.blogspot.com All Rights Reserved...
ela wewa1!!
ReplyDeleteThank you wewa..!!
Deleteela ...Cheers....
ReplyDeleteThank you soo much
DeleteEla machan...!!! :)
ReplyDeleteThanks bro..!!
Deleteමෙහෙම කතාවක් ගැන නම් දන්නෙත් දැන් බන් එල එල
ReplyDeleteහි හි තැන්ක් යු බන්..
DeleteSuper wadak broo.
ReplyDelete