Assassin's Creed ගේම් එක play කරන හුග දෙනෙකුට තියෙන ලොකුම ලොකු ගැටලුවක් තමයි "මොකද්ද මේ Pieces of Eden කියන්නේ??" ඒ විතරක් නෙවෙයි වෙලාවකට apple එකක් ගැන කියනව. තව වෙලාවක shroud එකක් ගැන කියනව. හරි ඒ කොහොම වුණත් අද ඔයාට ඔය මම කියපු ගැටලු සේරම විසදෙන්නයි යන්නේ..
මේ post එක කියවන්න කලින් මම ISU ගැන ලියපු post එක කියෙව්වනම් හොදයි කියල මට හිතෙනව. මොකද නැත්තම් මේකේ තියෙන සමහර තැන් ඔයාට තෙරෙන එකක් නෑ.. ඔන්න link එක තියෙනවා..
Part 1 http://gamereader-lk.blogspot.com/2016/02/assassins-creed-isu-part-i.html
Part 2 http://gamereader-lk.blogspot.com/2016/02/isu-part-ii.html
ඔන්න එහෙනම් වැඩෙ පටන් ගත්තා. සරලවම කියනව නම් Eden කියන්නේ ISUලා මිනිස්සුන්ව පාලනය කරන්න නිර්මාණය කරපු උපකරණයක්. කවුද ISU කියන්නේ කියල දන්නේ නැද්ද? එහෙනම් අර උඩ තියෙන link එකට යන්නකෝ..
මේ Eden එකේ තියෙන කෑලි වලට තමයි අපි කියන්නේ Pieces of Eden කියල. Eden එකේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් තියෙනවා.
1.Precursor Box
2.Shrouds of Eden
3. Sword of Eden
4. Apples of Eden
5. Staves of Eden
6. Koh-i-Noor
7. Ankh
මීට අමතරව තව කීපයක්ම තියෙනව. නමුත් මේව තමයි ප්‍රධානම. Eden කියන්නේ මේ සියල්ලේම එකතුව. උදාහරණයක් විදිහට ගත්තොත්, එන්ජිමක් හැදෙන්නේ කෑලි ගොඩක් එකතු වෙලා. ඒ වගේ Eden එක හැදෙන්නේ මේ කෑලි ටික එකතු වෙලා. ඒ වගේම එන්ජිමක් ඇතුලේ තියෙන එක එක කෑලි වල කාර්යන් එකිනෙකට වෙනස්.. ඒ වගේම Eden එකේ කෑලි වලත් powers එකිනෙකට වෙනස්..ඒක නිසා තමයි මේකට Pieces of Eden කියල කියන්නේ.
අද මම කථා කරන්නේ පළවෙනි කොටස් තුන ගැන..
හොදායි.. එහෙනම් අපි පළවෙනි එක ගැන කථා කරමුද?
1) Precursor Boxes
දැනට නම් මේ වගේ Boxes දෙකක් හදුනගෙන තියෙනව. මේ වගේ ඒව තව තියෙනවද නැත්ද කියල නම් මම කියන්න දන්නේ නෑ. ඒකට ඉතිං ඊලගට release වෙන ගෙම්ස් ටික play කරන්න වෙනවනේ..
මේකෙන් කරන්න පුලුවන් දේ තමයි Isu භාෂාවෙන් ලියල තියෙන ඕනම දෙයක් අපි දන්න ඕනම භාෂාවකට පරිවර්ථනය කරන්න පුලුවන්. Isu තාක්ෂණය ගැන ලිවිච්ච පොත් මේ විදිහට පරිවර්ථනය කරන්න මේ Box එක පාවිච්චි කරල තියෙනව.. කවුද එහෙම කලේ? වෙන කවුද templars ලනේ..
මම කිව්වනේ මේ වගේ boxes දෙකක් තියෙනව කියල.
1.1 Ezio Auditore ගාව තිබුන box එක.
එකදහස් පන්සිය ගනන් වල අපේ Ezio කොල්ලා මේ box එක හොයාගන්නවා. කාලයක් මෙයා ගාවව මේක තියෙනව. පස්සේ Ezio නාකි වෙලා ඉන්න කාලේ මේ box එක Shao Jun කියන Assassinට දෙනවා. ඊට පස්සේ කාලෙක මේ box එක Sergeo කියන assassin හොයාගන්නවා. ඊට පස්සේ මේකට මොකද වුණේ කියන්න හරියටම දන්නේ නෑ.
1.2 Shay Cormac ගාව තියෙන box එක.
මේක හොයාගන්නේ 1735දි templars ලා වගයක්. පස්සේ Adewale කියන assassin මේ box එක හොරකම් කරනවා. ඉතිං ඕක මාරුවෙන් මාරුවට ගිහින් Samuel Smith ගේ අතට යනව. මෙයා templar කෙනෙක්. Shay මෙයාව මරල තමයි මේ box එක ගන්නේ. මේ වෙනකොට මෙයා assassin කෙනෙක්. Shay මෙක අරගෙන ගිහින් Benjamin Franklin දෙනවා. පස්සේ ඔහොම ඔහොම මේක යනව Achilles Davenport ගේ අතට. ඊලගට Charles Dorian මේක හොයගන්නවා. ඔන්න ඊට පස්සේ ආයි Shay ඇවිල්ලා Charles ව මරල box එක ගන්නවා. මේ වෙනකොට Shay, templar කෙනෙක්.
2014 වෙනකොට මේක තියෙන්නේ Abstergo industry එකේ. මෙයාල මේ box එක phoenix project එකට පාවිච්චි කරනවා.
2) Shrouds of Eden
මේක ඇවිල්ලා ඇදුමක් වගේ එකක්.. ඔයා Assassin's Creed Syndicate play කලා නම් මේක දකින්න ඇති. මේක තියෙනනේ healing power එකක්. මෙක ඔයා ඇද ගත්තා කියල හිතන්නකෝ. ඊට පස්සේ මම ඇවිල්ල ඔයාට පිහියකින් අනිනවා. බය වෙන්න දෙයක් නෑ. Shroud එක ඔයා ඇදගෙන ඉන්නකම් ඔයාගේ තුවාල ඉබේටම හොද වෙනවා.
මේ වගේ Shroud දෙකක් තිබ්බා..නමුත් මේ වෙනකොට එකක් විනාශ වෙලා.. තියෙන එකම Shroud එකත් මේවෙන කොට Abstergo Industry එකේ තියෙන්නේ..
3) Swords of Eden
මෙක කියෙව්ව ගමන්ම තෙරුනා නෙද.. ඔව් ඔයා හරි. මේක කඩුවක්. මේ කඩුව ඔයාගේ අතේ තියෙනව නම් ඔයාට ප්‍රධාන වශයෙන් බලයන් දෙකක් ලැබෙනවා. එකක් තමයි ඔයාට මිනිස්සු ආකර්ෂණය වෙනවා. මිනිස්සු හිතන්න ගන්නව ඔයා තමයි ඒගොල්ලන්ගේ නායකයා කියලා. කොහොමද. නරක නෑනේ. ඊලග එක තමයි ඔයාගේ අතේ sword එක තියෙනව නම් eden එකේ අනික් කිසිම කොටසකින් ඔයාට හනියක් වෙන්නේ නෑ. මේක වැඩි දුර පැහැදිලි වෙයි apples ගැන කථා කරනකොට.
Assassin's Creed Unity ගේම් එකේදි අපිට මේ කඩුව බලාගන්න පුලුවන්.
මුලාශ්‍රය http://assassinscreed.wikia.com/wiki/Category:Pieces_of_Eden
මේ post එක කියවල ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න අමතක කරන්නත් එපා... තරහ නැතුව පල්ලෙහයින් පොඩි comment එකක් දාල යන්න හෝදේ.. comment එකක් දාන්න හරිම ලේසී.. කරන්න තියෙන්නේ comment as Anonymous කියන එක click කරන එක විතරයි..
ඒ වගේම අපේ Facebook page එකට like එකක් දාල පොඩි support එකක් දෙන්න අමතක කරන්නත් එපා.. මෙන්න link එක..
https://www.facebook.com/Game-Reader-955126177868353/
ඊලග කොටසින් ඉක්මනට හම්බෙමු..
ඒ වගේම කියන්න තව පොඩි දෙයක් තියෙනවා.. අපි දකිනවා සමහර අය අපේ posts වල තියෙන දෙවල් එහෙම් පිටින්ම අරගෙන එයාලා කලා වගේ ඉදිරිපත් කරනවා.. එහෙම කරන්න තහනමක් නම් නැතුව නැති.. ඒත් ඒවගේ දෙයක් කරන එක සධාචාරාත්මක නෑ කියන එකට නම් මේක කියවන ඔයාලා හැමොම එකග වෙනව ඇති කියලා මම හිතනවා.. අපේ posts වල තියෙන මොනා හරි දෙයක් ඔයාට පල කරන්න අත්‍යවශ්‍යම නම් අපේ facebook page එක හරහා අපිව සම්බන්ධ කරගන්න.. අනිවාර්යයෙන් අපි පුලුවන් උදව්වක් කරනවා.. නමුත් හැමොගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලනවා.. අපේ posts හොරකම් කරන්න එපා..
Gamereader-lk.blogspot.com All Rights Reserved...