Sunday, January 31, 2016

Assassin's Creed - Black Flag
Nadeesha Koralage12:17 PM 5 comments




මම දැන් කථා කරන්න යන්නේ Assassin's Creed game saga එකේ 6 වෙනි game එක ගැන. මෙච්චර කාලයක් අපේ ආදරණීය වීරයා වුණු Desmond Miles ලෝකය බේරගන්න ගිහින් Grand Temple එකේදී මැරුනා. Desmond මැරුනට පස්සේ Abstergo එකේ කට්ටිය grand temple එකට ඇවිල්ලා Desmond ගේ body එක හොයාගන්නවා. ඊට පස්සේ එයාගේ body එකෙන් genetic samples ගන්නවා. 



Desmond ගේ body එක Abstergo agents ලා අරගෙන යනවා

මේ samples යොදාගෙන එයාල animus එක ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ නමක් දන්නේ නැති Abstergo එකේ agent කෙනෙක්ව Animus එකේ වාඩි කරවනවා. 




ඊට පස්සේ අපේ player කෙලින්ම connect වෙන්නේ Edward Kenwayගේ memories එක්ක. Edward Kenway කියන්නේ කලින් game එකේ හිටපු Hythan Kenway ගේ තාත්තා, ඒ කියන්නේ Connor ගේ සීයා. Edward කියන්නේ කැරිබියන් දූපත් වල ඉන්න මුහුදු මංකොල්කාරයෙක්. Edward එයාගේ නැවෙන් ලෝකේ වටේම යනවා.





Edward Kenway

Abstergo එකේ අය Edward ගේ memories වලට connect වෙන්නේ ඒ කාලේ ISU ලා හදපු Observatory එක හොයාගන්න. Observatory එකෙන් පුලුවන් ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ගැන ඕන විස්තරයක් දැනගන්න. ඒකට ඕන කරන්නේ ඒ පුද්ගලායාගේ blood sample එකක් විතරයි. (Observatory කියන්නෙත් grand temple එක වගේ තැනක්. මෙක නිකන් හරියට Film hall එකක් වගේ තැනක්. කාගේ හරි blood sample එකක් Crystal Skull එක හරහා දැම්මොත් ඒ  blood sample එක අයිති කෙනාගේ ජිවිත කථාවම බලාගන්න පුලුවන්



Observatory 

Edward Kenway ගේ කාලේ templars ලා මේ Observatory එක තියෙන තැන හොයාගන්න හදනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි, ලෝකේ ඉන්න බලගතු නායකන්ගේ රහස් විස්තර දැනගෙන ඒ ගොල්ලන්ව blackmail කරන්න. එතකොට templars ලට ඕන දෙයක් ඒගොල්ලන් කැමති විදිහට කරන්න පුලුවන් නේ. ඉතිං මේ නිසා තමයි Abstergo එක Edward ගේ memories වලට යන්නේ. මේ Observatory එක open කරන්න හැමෝටම බෑ.



ඒකට ඕන කරනවා sage කෙනෙක්. මේ sage තමයි Bartholomew Roberts. එයාට විතරයි මේ Observatory එක open කරන්න පුලුවන්. අපේ Edward මේ කියන Roberts ව හොයාගන්නවා. 






ඊට පස්සේ Robet, Edward සහ එයාගේ මංකොල්ලකාර team එකයි එකට එකතු වෙලා Observatory එක හොයනවා.ඊට පස්සේ මේගොල්ලො Observatory එක activate කරන්න ඕන crystal skull එක එහෙම හොයාගන්නවා. 



crystal skull



Assassin's Creed game එකක හැම දේම හොදින් ඉවර වෙන්න විදිහක් නෑනේ. ඔන්න ඉතිං මේ Observatory එක හොයාගත්තට පස්සේ Roberts අපේ Edward ව පාවලා දෙනවා. Roberts templars ලත් එක්ක එකතු වෙලා Edward ව හිරකරනවා. ඊට පස්සේ Robert අර skull එකත් අරගෙන පැනලා යනවා. 




ඒ වුණාට Edward කොහොම හරි පැනගනවා. Edward ට පැනගන්න උදව් කරන්නේ Ah Tabai කියන Assassin. Edward ව බේරගත්තට පස්සේ එයා assassins ලට බැදෙනවා. 





Ah Tabai

මේ වෙනකන් එයා නිකම් සාමාන්‍ය මුහුදු මංකොල්ලකාරයෙක් විතරයි. හැබැයි දැන් ඉදන් assassin කෙනෙක්. ඔන්න ඉතිං ඊලගට Edward යනවා Roberts වයි templars වයි හොයාගෙන. Edward අන්තිමට skull එක Roberts ගෙන් අරගෙන ඒක Observatory එකේම හංගනවා.




ඔන්න එතකොටම Abstergo එකේ ඉන්න අපේ player ව John කියල කෙනෙක් අපේ player ව animus එකෙන් එලියට ගන්නවා. John කියන්නේ Abstergo එකේ වැඩ කරන IT manager කෙනෙක්. මෙයා අපේ player ට කියනවා Abstergo එක අපිව රවට්ටනව කියලා. ඒ වගේම කියනව Abstergo එක අපිට කියල තියෙනවට වඩා විස්තර ගොඩක් දන්නව කියලා. 



John

අපේ playerත් John ව විශ්වාස කරලා Abstergo එකේ security system එක hack කරන්න එයාට උදව් කරනවා. ඒ හරහා John අපේ Desmondගේ යාලුවෝ දෙනෙක් වුණු Shaun Hastings යි Rebecca Crane යි එකතු කරගත්ත data වලට ඇතුල් වෙනවා. ඒත් එක්කම Abstergo industry එකේ මේ hacking සිද්ධිය මාට්ටු වෙලා red alert එක වදිනවා. ඊට පස්සේ ඔක්කෝම lock down වෙනවා. ඊට පස්සේ John අපේ player ව Animus එකේ ප්‍රධන cirkit එකට connect කරනවා. ඒත් එක්කම අපේ දුෂ්ඨ ගැහැනිය එනවා. ඒ ඉතිං වෙන කවුරුත් නෙවෙයි Juno.



Juno
මේ වෙනකොටත් Junoට ඇගක් නෑ. එයා නිකන් hologram එකක් විතරයි. Junoට ඕන වෙනවා ශරීරයක් ලබා ගන්න. ඉතිං ඒ නිසා Juno උත්සහ කරනවා Animus එක හරහා අපේ player ගේ ඇගට එන්න. නමුත් ඒවෙන කොට Juno ඒ වගේ දෙයක් කරන්න තරම් ශක්තිමත් වෙලා නෑ. මේ නිසා Junoගේ උත්සහය අසාර්ථක වෙනවා. 



එතකොට දැනගන්න ලැබෙනවා John කියන්නේ Juno ISU කෙනෙක් වෙලා ඉන්න කාලේ Junoගේ හස්බන්ඩා(Aita) කියලා. John කියන්නේ Aita ගේ නැවත ඉපදීම. John තමයි මේ හැමදෙයක්ම plan කරලා Juno ව player ගේ ඇග ඇතුලට දාන්න හදන්නේ. නමුත් එයාගෙ උත්සහය අසාර්ථක වුණ නිසා John අපේ player ව මරන්න හදනවා. ඒත් එක්කම් Abstergo එකේ guards ලා ඇවිල්ලා John අපිව මරන්න කලින් John ව මරනවා. ඕගොල්ලන්ට තවත් අමුතු කථාවක් කියන්නද.. Edward ව පාවලාදුන්න Roberts කියන්නෙත් Aita ම තමයි. හම්ම් ඔක්කොම තෙරුණා මේ Aita ගැන තෙරුන් නැත්තම් පල්ලෙහා Link එ click කරන්නකෝ.


http://gamereader-lk.blogspot.com/2016/01/aita-sages.html

ඊට පස්සේ අපේ player වා assassin's ලාත් එක්ක එකතු වෙලා එයාගෙ වැඩ දිගටම කරගෙන යනවා. ඔන්න ඉතිං එතනින් Assassin's Creed Black Flag ඉවර වෙනවා.




තව පොඩී දෙයක් කියන්න ඕන. සමහර අය හිතනවා Black Flag එකට පස්සේ Freedom Cry තමයි තියෙන්නෙ කියලා. ඇත්තටම ඒක හරී. හැබැයි Freedom Cry අපේ main story එකත් එක්ක සම්බන්ධ නෑ. ඒ වුණාට කමක් නෑ, ඒකත් play කරන්න අමතක කරන්න එපා.

අපි මේ දාන posts වල මොනා හරි වැරැදක් දැක්කොත් ඒ ගැන අපිට කියන්න අමතක කරන්නත් එපා.. මෙතන comment කරන්න පුලුවන්. නැත්තන් page එකට message එකක් දාන්නත් පුලුවන්.. ඒ වගේම Game Reader FB page එකට like එකක් දාලා අපි දාන වල විස්තර බොහොම පහසුවෙන්ම දැනගන්නත් පුලුවන්... 

මේන් එක තියෙනවා.. 
https://www.facebook.com/Game-Reader-955126177868353/?fref=nf

Gamereader-lk.blogspot.com All Rights Reserved...
In Category : ,

5 comments:

  1. Nice Blog Sachin Nadeesh :)

    ReplyDelete
  2. Hamadama me wage updates denna.
    Apiva danuvath karanna.,
    Thanks api wenuwen mahansi wenavata

    ReplyDelete
  3. mchn ac chronicles wla sambandayk nane ac story ekata.. puluwn nm chronicles ( indian, Russia, china ) tike post daapnko... thnx

    ReplyDelete