Saturday, February 6, 2016

Assassin'ss Creed Unity
Nadeesha Koralage11:35 AM 0 comments


අද මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ assassin's creed games saga එකේ තරමක් දුරට අසාර්ථක  වුණු game එකක් ගැන. ඒ තමයි assassin's creed unity.

මේ game එකේ කථාවව යන්නේ Arno Dorian කියන චරිතය වටා. Arno ගේ තාත්ත තමයි Charles. ප්‍රංශ විප්ලවය කාලේ Arnoගේ තාත්තව Shay Patrick Cosmac කියන templar විසින් මරල දානව. හ්ම්ම්ම්... ඒ නම අහල පුරුදුයි වගේ නේද.. ඔව් Cosmak කියන්නේ assassin's creed rough එකේ අපේ player. මතකනේ මෙයා දැන් templar කෙනෙක්. 


Charles

Charlesව Cosmac මරන අවස්ථාව

Arno ගේ තාත්තා මැරුනට පස්සේ එයාව හදාවඩාගන්නේ De La Serre කියන templar කෙනෙක්. ඉතිං පුංචි Arno එයාගේ ජිවිතෙ ගෙවන්නේ එයාගේ තාත්තගෙ හතුරන් එක්ක. Arnoගේ හොදම යාලුවාවෙන්නේ De La Serre ගේ දුව. එයා තමයි Elise කියන්නේ.


පුංචි Arno
පුංචි Elise

Arno ගේ තාත්ත මැරිලා අවුරුදු 13ක් ඉස්සරහට කථාව එක පාරටම skip වෙනවා. දැන් Arno එල කොල්ලෙක්.. Elise ලස්සන වෙලා. Arnoට ලියුමක් හම්බෙනවා එයාගේ දෙවෙනි තාත්තා, ඒ කියන්නේ De La Serreට දෙන්නෙ කියල. මේක බොහොම වැදගත් ලියුමක් නිසා De La Serre ගේ අතටම දෙන්න ඕන. නමුත් අපේ Arno ඉතිං විසේකාරයානෙ.. මෙයා ඒ වෙලාවේ Elise එක්ක party එකකට යන්න හදිස්සියේ හිටියේ. ඒක නිසා ඒ ලියුම De La Serre ගේ office එකේ දොර යටින් ඇතුලට දාල Arno යනව. 
Arno


Elise

Arno, Elise ව හම්බ්ලා යනකොට දකිනව De La Serre මැරිලා ඉන්නව. Arno, De La Serre ගේ මිනිය හොයාගත්ත් නිසා හැමෝම හිතන්නේ Arno මේ මිනි මැරුම කලා කියල. ඒක නිසා Arno ව Bastille හිරගෙදර හිර කරනවා.




De La Serre මිය ගිය අවස්ථාව

හිරේදි Arnoට යාලුවෙක් හම්බෙනවා. ඒ තමයි Pierre Bellec. මෙයා Assassin කෙනෙක්. Pierre, Arnoට සටන් පුරුදු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ දෙන්න හිරගෙදරින් පැනලා යනවා. ඒ යන අතර තුරේදි Pierre, Arnoට ආරාදනාවක් කරනවා. ඒ තමයි Arno කැමති නම් Assassin කෙනෙක් විදිහට Brotherhood එකත් එක්ක එකතු වෙන්න කියල. 



Pierre Bellec

හිරෙන් පැන්නට පස්සේ Arno යනවා Elise ව හොයාගෙන.Elise එයාව ප්‍රතික්ශේප කරනව. මොකද Elise දැනගන්නවා එදා Arno අර ලියුම එයාගේ තාත්තගේ අතට දුන්න නම් තාත්තගේ ජිවිතේ බෙරෙන්න තිබ්බා කියලා. මොකද ඒ ලියුමේ තියෙන්නෙ La De Serre ව මරන්න කුමන්ත්‍රණයක් කරනවා කියන Warning letter එකක්. 


Arno ගිහින් Brotherhood එක්ත් එක්ක එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ La De Serre ව මරපු templars ලගෙන් පලිගන්න ඕන නිසා. ඒකට ලේසිම විදිහ තමයි assassin කෙනෙක් විදිහට brotherhood එකත් එක්ක එකතු වෙන එක.



ඔය විදිහට templars ලව හොයාගෙන යනකොට Arnoට Thomas Germain කියන කම්මල්කරුවව හම්බෙනවා. මෙයාව Lafreniere කියන templar නායකයා හිරකරගෙන ඉන්නේ. Arno, Lafreniere ව මරල  Germain ව නිදහස් කරගන්නව. (Lafreniere කියන්නෙ templar කෙනෙක් වුණාට එයා තමයි La De Serreට අර ලියුම, ඒ කියන්නේ Warning letter එක යවන්නේ.)


Germain

Lafreniere

ඊට ප්ස්සේ Arno ආයිමත් යනවා Elise ව හොයාගෙන. මේ දෙන්නනට දැනගන්න ලැබෙනවා Germain කියන්නේ Sage කෙනෙක් කියල. (මොකද් මේ sage කියන්නෙ කියල දන්නෙ නැත්තම් අවුලක් ගන්න එපා. මෙන්න link එක. ගිහින් කියවල බලන්නකෝ.). 
http://gamereader-lk.blogspot.com/2016/01/aita-sages.html

Germain තමයි La De Srre ව මරන්න කුමන්ත්‍රණය කරලා තියෙන්නෙ. දැන් ඔයාලට හිතාගන්න පුලුවන් නේ ඇයි Lafreniere, Germain ව හිරකරගෙන හිටියේ කියලා. ඔහොම යනකොට සමහර තැන් වලදී Arno,brotherhood එකෙන් දෙන සමහර නියෝග පිලිපදින්නේ නෑ. මේ නිසා brotherhood council එකට Arno ගේ වැඩ ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. 




Arnoට දැන ගන්න ලැබෙනවා Germain ඒ වෙනකොට ප්‍රංශයේ ඉන්න රජ්ජුරුවන්ට විරුද්ධවත් කුමන්ත්‍රණයක් කරනවා කියල.. Arno මේ කුමන්ත්‍රණයට Germain ට sup එක දෙන දෙන්නෙක්ව මරලදානවා. ඔය අතරතුරෙදී තමයි Arnoට Napoleon Bonaparte ව හම්බෙන්නෙ. මේ කාලේ වෙන කොට Bonaparte කාලතුවක්කු භාර නිලදාරියෙක්. Bonaparte සමහර තැන් වලදී Arnoට උදව් කරනවා ඒ වගේම Arnoත් Bonaparte ට උදව් කරනවා.


Napoleon Bonaparte

Arno, Elise හම්බෙලා එයාට කියනවා brotherhood එකත් එක්ක එකතු වෙන්න කියල. තමන්ගේ තත්තාව මැරුවෙ templars ලා නිසා Elise ඒකට කැමති වෙනවා. නමුත් මේ වැඩෙට Bellec කැමති වෙන්නේ නෑ. මේ නිසා Arno සහ Bellec අතර යන fight එකෙදී Arno, Bellec ව මරල දානවා.



ඔය අතර තුරේදි Germain රජ්ජුරුවන්ව මරන්න try කරනවා. මේකෙන් රජතුමාව බේරගන්නවා වෙනුවට Arno තීරණය කරන Elise එක්ක ඉන්න. මොකද එයා Eliseට ආදරෙ හින්දා.Germain රජ්ජුරුවන්ව මරලදානව. මේ වැඩේ නිසා Elise, Arnoත් එක්ක තරහ ඒ විතරක් නෙවෙයි Arno ව brotherhood එකෙනුත් අයින් කරනවා. 



මේක නිසා Arno ට කරකියාගන්න් දෙයක් නැති වෙනවා. මේ නිසා Arno කන පැලෙන්න බොන්න පුරුදු වෙනවා. Arno බිබි ඔහේ කාලය ගත කරනවා. Elise ඇවිලා Arnoට කියනවා ඔය වැඩේ නවත්තලා දාලා ප්‍රංශය ඇවිලා උදව් කරන්න කියලා.මොකද මේ වෙනකොට ප්‍රංශය කඩාගෙන වැටෙනවා. මොකද ඒ ගොල්ලන්ගේ රජ්ජුරුවෝ මැරුන නිසා.



දැන් Arnoටයි Elise ටයි ඕන වෙනවා Germain ඉන්න තැන හොයාගන්න. Germain ඉන්න තැන දන්නේ Robespierre කියලා කෙනෙක්. මෙතන්දී Robespierre,Germain ඉන්න තැන කියන්න කැමතිවෙන් නෑ. මේ නිසා Elise කරන්නේ Robespierre ගේ හක්ක කුඩු වෙන්න වෙඩි තියල පැනකුයි කොලෙකුයි අතට දීල Germain ඉන්න තැන ලියන්න කියනවා.




කොහොම කොහොම හරි Arno යි Elise යි Germain ඉන්න තැන හොයාගෙන එයාව මරන්න යනවා.මේ වෙනකොට Germain, eden එකේ කැල්ල්ක් වෙන Sword එක හොයාගෙන. මුලින්ම Arno, Gemain ට පහර දෙනවා. හැබැයි sword එකේ තියෙන power එක නිසා Arnoවා විසික් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, ලොකු ගලකුත් Arnoගේ ඇගට වැටෙනවා. 




පස්සේ Elise ඇවිලා Arnoට නැගිටින උදව් කරන්කොට Elise දකිනවා Germain පැනල යනවා. Arno එපා කියද්දී Elise යනවා Germain ට පහර දෙන්න. Sword එකේ power එක නිසා Elise ත් විසික් වෙලා යනවා. මෙතනදි Elise මැරෙනවා. ඒ වගේම Germain ටත් තුවාල වෙනවා. පස්සේ Arno එයගේ ඇග උඩට වැටුන ගල අයින් කරගෙන ගිහින් ලේසියෙන්ම Germain ව මරලා දානවා. 






කොහොම වුණත් Game එකේ අවසාන හරිම දුකයි. Arno එයාටම පොරොන්දුවෙනවා. Elise වෙනුවෙන් ප්‍රංශය බලාගන්නත්, Eliseගේ මතකයන් එක්ක හැමදාටම ජීවත් වෙන්නත්..අවුරුදු කීපයකට පස්සේ Arno, Master Assassin වෙනවා. ඊට පස්සේ Bonaparte එක්ක ඇවිල්ලා Germain ගේ ඇට සැකිල්ල අරගෙන ගිහින් ප්‍රංශයේ 
Catacombs වල හංගනවා.


Catacombs

මෙතනින් Assassin's Creed game saga එකේ 8වෙනි game එක ඉවර වෙනවා.. ඊලග game එක Assassin's Creed Syndicate. එක නම් මේ වගේ Story එක නම් දාන්නේ නෑ.. හැබැයි game එකේ review එකක් නම් දානවා.. Game එක play කරලම story එක බලන්නකෝ..


Coming Up next : Assassin's Creed Syndicate
                          කාටද මේ ISU/Precursors කියන්නේ?
                          Far Cry 3

Don't forget to like us on Facebook : https://www.facebook.com/Game-Reader-955126177868353/

Gamereader-lk.blogspot.com All Rights Reserved...
In Category : ,

0 comments

Post a Comment