Friday, January 8, 2016
ඇත්තටම ඊලග Assassin's Creed game එක Assassin's Creed - Empire ද?
Ubisoft සමාගම නිර්මාණය කරන, ලෝකේ පුරාම ගොඩක් ජනප්‍රිය game එකක් තමයි Assassin's Creed කියන්නේ. ලංකාවේ gamers ලා අතරෙත් මේ game එක ගොඩක් ජනප්‍රියයි. මේ වෙනකොට Ubisoft සමාගමෙන් ගහපු Assassin's Creed games බිලියන ගානක් ලෝකෙ පුරාම විකිණිලා තියෙනවා..
Assassin's Creed game saga එක මේ ලබපු සාර්ථකත්වයත් එක්කම මේකට තියෙන ඉල්ලුම ගොඩක් වැඩිවුණා. ඒ නිසා Assassin's Creed fans ලා තව තව Assassin's Creed games හදන්න කිව්වා. මේ demand එක තියාගන්න ඕන නිසා Ubisoft එක හැම අවුරුද්දේම Assassin's Creed game එකක් release කරන්න කටයුතු කල. මුල් කාලේ මේ වැඩේ හොදට ගියා. හැබැයි ඉක්මන් කොට වැඩි කියලා Ubisoft එකට තේරුණේ 2014 Assassin's Creed Unity එකෙන් පස්සේ. මොකද Assassin's Creed Unity තමයි Assassin's Creed game saga එකේ fail වුණ game එක.
Assassin's Creed Unity fail වුණේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, හැම අවුරුද්දෙම එක game එකක් release කරන්න Ubisoft එකට ඕන වුණාට එකේ තියෙන errors ඔක්කොම හදලා හොද output එකක් දාගන්න ඒගොල්ලන්ට වෙලාව මදි වුණා. කොහොම වුණත් 2015 දි release වුණු Assassin's Creed - Syndicate නම් ගොඩක් සාර්ථක වුණා. ඔන්න ඔය හේතුව නිසා තමයි Ubisoft ලා 2016 release කරන්න තිබ්බ Assassin's Creed game එක 2017 වෙනකන් කල්දාන්නේ.
මෙහෙම game එක release කරන පරක්කු කරලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ developers ලාට වැඩි කාලයක් දීලා game එකේ errors ඔක්කොම වගේ හදලා, සුපිරි output එකක් දාන්න. මට නම් ගොඩක් විශ්වාසයි 2017 release වෙන Assassin's Creed game එක නම් සුපිරිම game එකක් වෙයි කියලා. අපි දැන් බලමු 2017 release වෙන්නේ කොයි වගේ game එකක්ද කියලා.
2017 දී release වෙන්නේ Assassin's Creed -Empire කියලා game එකක් කියලා සමහර අය කිව්වට තාම එක Ubisoft ලා තහවුරු කරලා නෑ. කොහොම වුණත් ආරංචි හැටියට මේකේ කථාව අතීත ඊජිප්තුව කෙන්ද්‍ර කරගෙනලු තියෙන්නේ. ඒ වගේම තව කට කථාවක් යනවා මේ Assassin's Creed - Empire game එක අලුත් Assassin's Creed story saga එකක පළවෙනි game එක කියලත් (ඒ කියන්නේ නිකන් හරියට Assassin's creed 2, Brotherhood සහ Revelations වගේ එකට connect වෙන story එකක්.) ටිකක් කල් අරගෙන හරි කමක් නෑ errors නැති හොද story එකක් තියෙන හොද graphics තියෙන game එකක් release කරනවනම් එච්චරයි.. නැද්ද??
හැබැයි මේ අවුරුද්දේ Assassin's Creed game එකක් release වෙන්නේ නැති වුණාට movie එක නම් release වෙනවා. එක ගැනත් මම වෙනම article එකක් දාල තියෙනවා. එක කියවන්න බැරි වුණා නම් මෙන්න link එක.
http://gamereader-lk.blogspot.com/2015/12/assassins-creed-movie.html
මේ article එක ගැන වගේම මේ blog එක ගැන ඔයාලගේ අදහස, යෝජනා, චෝදනා comment කරන්න අමතක කරන්න එපා..
ඔයලා හැමෝටම සුභ දවසක්..
Gamereader-lk.blogspot.com All Rights Reserved...
In Category :
Assassin's Creed,
Games
Popular Posts
-
Assassin's Creed game එක හුගදෙනෙක් Play කරනවා වගේම හුගදෙනෙකුට කථාව තෙරුම් ගන්නත් අමාරුයි.හුග දෙනෙකුට තියෙන ගැටලුව තමයි Assassin...
-
අද මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ assassin's creed games saga එකේ තරමක් දුරට අසාර්ථක වුණු game එකක් ගැන. ඒ තමයි assassin's creed unit...
-
මේ game එක පටන් ගන්නේ Abstergo කියල සංවිධානයක් Desmond Miles ව අල්ලගෙන එයාව බලෙන්ම Animus කියන machine එකකට දානවා.. මේ Abstergo සංවිධාන...
-
FARCRY 3 (2012) - (අදුරු දූපත) මම තීරණය කලා ඔයාලට Farcry 3 ගේම් එක ගැන ලියන්න.ටිකක් පරණයි සමහරවිට මේක කියවන ඔයත් මේක මීටකලින් play කරලා ඇ...
-
Ubisoft සමාගම නිර්මාණය කරන, ලෝකේ පුරාම ගොඩක් ජනප්‍රිය game එකක් තමයි Assassin's Creed කියන්නේ. ලංකාවේ gamers ලා අතරෙත් මේ game එක ගොඩ...
-
"මේ ලබන්නා වු 2016 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී යන, ජරමර බරබර කරදර නැති සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ඔයාලා හැමෝටම.."...
-
ඔන්න අද ඉදන් අලුතෙන් මම සෙට් උනා Game Reader එකට.. ඔයාලට ගේම්ස් ගැන ඒ වගේම Gaming Tricks ගැනත් කියන්න... වැඩි කතා ඕනේ නෑ..වැඩේට බහි...
-
Assassin's Creed Revelations පටන් ගන්න කොට Desmond ඉන්නේ coma එකක. එයාගේ මනස animus එකේ මනකඃල්පිත දුපතක හිර වෙලා තියෙන්නේ. මේ මායා දූ...
-
මම දැන් කථා කරන්න යන්නේ Assassin's Creed game saga එකේ 6 වෙනි game එක ගැන. මෙච්චර කාලයක් අපේ ආදරණීය වීරයා වුණු Desmond Miles ලෝකය ...
ela ela thanks dammata mehema post ekak
ReplyDeleteYou are welcome machooo
Deletekeep it up bro
ReplyDeleteThank you very much bro..
DeleteEla ela
ReplyDelete.bro... digatama lipi daanna bro...