Assassin's Creed game එක හුගදෙනෙක් Play කරනවා වගේම හුගදෙනෙකුට කථාව තෙරුම් ගන්නත් අමාරුයි.හුග දෙනෙකුට තියෙන ගැටලුව තමයි Assassin's Creed games අතරෙ තියෙන සම්බන්ධය තෙරුම් ගන්න බැරි එක. ඔයාට තියෙන පැටලිලි ඔක්කොම මම විසදන්නයි හදන්නේ. Assassin's Creed game එක ගැන මම දාන articles ඔක්කොම ටික කියෙව්වොත් හැම දෙයක්ම බොහොම ලේසියෙන්ම ඔයාට පැහැදිලි වෙයි.
පළවෙනි කොටසින් ISUලාගේ ඉතිහාසය ගැන තමයි මම ඔයාලට විස්තර කියන්නේ..එහෙනම් ඉතිං වැඩි බයිලා නැතුව මම කෙලින්ම මාතෘකාවට එන්නම්කෝ...
ISU කියන්නෙ පෘතුවිය මත බිහිවුණ මුල්ම ජීවීන් කොට්ඨාෂය. මේ ගොල්ලෝ පෘතුවියේ හිටියේ මිනිස්සුන්ටත් කලින්. මේගොල්ලන්ටම තමයි Precursors ලා කියන්නෙත්. Abstergo Industry එකේ විද්‍යාඥ්ඥයන් මේ ISU ලාව හදුන්වන්නේ Homo sapiens divinus කියලා. සරලව කියනව නම් ISU කියන්නේ Homo sapiens(මනුශ්‍යයන්) ලට වඩා දියුණු ජිවින් කොට්ඨශයක්.
මෙන්න මේ Precursors ල තමයි හැම Assassin's Creed game එකකම අපිට දකින්න ලැබෙන "Pieces of Eden" නිර්මාණය කලේ. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ව නිර්මාණය කලෙත් මේ Precursors ලම තමයි.
කොහොමද??නිකන් පිස්සු වගේ නේ. මේ Precursors ලා මිනිසුන්ව නිර්මාණය කලේ ඒගොල්ලන්ගේ වැඩ කරගන්න. ඒ කියන්නේ Precursorsලා මිනිස්සුන්ව නිර්මාණය කලේ ඒගොල්ලන්ගේ වහල්ලූ විදිහට තියාගන්න.
Precursors නිර්මාණය කරපු මිනිස්සුන්ට, ඒ කියන්නේ අපිට ලොකු ගැටලුවක් තිබුණා. ඒ තමයි, කවුද මේ Precursorsලා?? මිනිස්සුන්ට මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන බැරි වුණ නිසා ඒගොල්ලෝ හිතුවා Precursors කියන්නේ දෙවියෝ කියලා. ඒ නිසා Precursorsලාට දේවත්වයෙන් සැලකුවා.
නමුත් කාලයක් යනකොට මේ Precursors සහ මිනිස්සු අතර යුද්ධයක් ඇතිවුණා. මේ යුද්ධය අතරතුරේදී Toba Catastrophe එකක් ඇවිල්ලා පෘතුවිය විනාශ වෙලා ගියා.
Toba Catastrophe නිසා විනාස පෘතුවිය වෙලා යනවා. |
මොකද්ද මේ Toba Catastrophe කියන්නේ?? පෘතුවියට ආපු අහිතකර සුර්ය කිරණ (Solar Flare) කියලා සරලව කියන්න පුලුවන්. මේ නිසා පෘතුවියේ ජිවත් වෙලා හිටපු ජිවින් හුගදෙනෙක් මැරිලා ගියා. Precursors ලා වගේම මිනිස්සුත් හුගදෙනෙක් මේ නිසා මැරුනා.මේක ගැන තව විස්තර ඉස්සරහට කථා කරමුකෝ..
Precursors මිනිසුන්ව නිර්මාණය කරද්දී අමාරු පරිසර තත්වයන්ට මුහුණ දෙන්න පුලුවන් විදිහටත් තමයි නිර්මාණය කලේ. ඒ කියන්නේ ගංවතුර භූමි කම්පා වගේ දෙවල් වලට ඔරොත්තු දෙන විදිහට. Precursors ලා මිනිසුන්ව ඒගොල්ලන්ගේ වහල්ලු විදිහට යොදාගත්ත නිසා මිනිස්සුන්ට ලොකු බුද්ධියක් ලබල දුන්නේ නෑ. සරලව කියනව නම් මිනිස්සු Precursorsලා කියන ඕන දෙයක් කලා. ප්‍රශ්න ඇහුවෙ නෑ. ඒගොල්ලන්ට හිතන්න බෑ.
Clay Kaczmarek ගේ පරීක්ෂන වලට අනුව නම් Precursorsලා ඒ කාලේ හිටපු සත්තුන්ගේ DNA වෙනස් කර කර තමයි මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිසා Precursorsලාට පස්සේ හිටපු හොදම ජීවින් වුණේ මිනිස්සු.
Clay Kaczmarek |
Precursorsලා මිනිස්සුන්ව බුද්ධියක් නැතිව නිර්මාණය කලා වුණාට, මොකක් හරි අවුලක් නිසා මිනිස්සු තමන් ලබන අත්දැකිම් වලින් එක එක දේවල් ඉගෙන ගෙන දැනුම වැඩි කරගන්නව කියල Precursorsලාට තේරුණා. මේ නිසා Precursors මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් විදිහේ බොහොම දියුණු උපකරණයක් හැදුවා. ඒක තමයි "Pieces of Eden" කියන්නේ.
Assassin's Creed 2 - making "Pieces of Eden" |
ඊට පස්සේ මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියට neuro transmitter එකක් දැන්මා. එතකොට Eden එකේ කැලි ඔයාගේ අතේ තියෙනව නම් ඔයාට හැම මිනිහෙක්ම ඔයාට ඕන විදිහට control කරන්න පුලුවන්. (හැබැයි මතක තියාගන්න හැම කැල්ලක්ම තියෙන්න ඕන. එක piece එකක් හරි අඩුවුණොත් control කරන්න අමාරුයි). ඒ විදිහට Precursorsලා මිනිසුන්ව පාලනය කලා. එතකොට මිනිස් අම්මටයි තාත්තටයි උපදින මිනිස් පුතත් neuro transmitter එකක් එක්ක තමයි උපදින්නේ.
ඔන්න ඔහොම කාලයක් යනකොට Hybrid ජීවීන් ඉපදුනා. මේගොල්ලෝ භාගයක් මිනිස්සු, භාගයක් Precursorsලා. එහෙම උනේ කොහොමද කියලා අහන්න නම් එපෝ. මේ Hybrids ලාට මිනිසුන්ට තිබ්බ neuro transmitter එක උපතින්ම තිබේ නෑ. මේ නිසා එයාලව Eden එකෙන් තියා මොකෙන්වත් control කරන්න Precursorsලාට බැහැ. Adam සහ Eva කියන්නේත් ඒ වගේ hybrids ලා දෙන්නේක්.
Eva සහ Adam |
මේ දෙන්නා දවසක් Eden එකේ තියෙන apple එකක් හොරකම් කරගෙන පැනලා යනවා. එතකොටම Eden එකේ තියෙන power එක නැතිවෙලා Precursorsලාට මිනිසුන්ව පාලනය කරගන්න බැරුව යනවා. ඔන්න ඔය නිසා තමයි ටික කාලෙකට පස්සේ මිනිස්සුයි Precursorsලයි අතරෙ යුද්ධයක් ඇතිවුණේ.
මේ යුද්ධයේදී දෙපැත්තටම වාසි අවාසි තිබුණා. Precursorsලාට දියුණු තාක්ෂණයක් තිබුනා. දියුණු weapons තිබුණා. හබැයි Precursors ලාගේ කට්ටිය අඩුයි. මිනිස්සුන්ට කට්ටිය ගොඩක් හිටියට, හොද weapons තිබ්බේ නෑ.
මේ යුද්ධේ අවුරුදු 10ක් ම තිබ්බා. අවුරුදු 10කට පස්සේ තමයි අර මම කලින් කියපු solar flares පෘතුවියට එන්නේ. මේ නිසා දෙපැත්තෙම කට්ටියට ලොකු damage එකක් වෙනවා.
ඇත්තටම Precursorsලාට මේ solar flares පෘතුවියට එන එක ගැන දැනගෙන ඒක නවත්තන්න පුලුවන් තාක්ෂණය තිබ්බා. ඒත් ඒ වෙනකොට තිබ්බ යුද්ධේ නිසා ඒ ගොල්ලන්ට ඒවා ගැන බලන්න වෙලාවක් තිබුණේ නෑ.
කොහොම නමුත් පෘතුවියට මේ විදිහට solar flares ඇවිල්ලා පෘතුවිය විනාශ වෙලා යනව කියලා Precursors කීපදෙනෙක් දැනගත්තා. ඒ කට්ටිය තමයි Minerva, Juno සහ Jupiter. මේ තුන්දෙනා මේ විනාශය ගැන අනික් අයට කිව්වා වුනත් කිසිකෙනෙක් ගනන් ගත්තේ නෑ. හැමෝම හිටියේ යුද්ධේ සිහියෙන්. ඒක නිසා මේ තුන්දෙනා පෘතුවිය බේරගන්න විදිහක් කල්පනා කලා.
Minerva, Juno සහ Jupiter |
මේ කස්ටිය යුද්ධේ නැති පැත්තක තියෙන පන්සලකට ගිහින් පොළව යට විද්‍යාගාරයක් හදාගත්තා. ඊට පස්සේ එකේ ඉදන් එක එක පරීක්ෂණ කලා. මේ පන්සලට තමයි Grand Temple කියන්නේ. Assassin's Creed III එකේදී Desmond යන්නේ මේ පන්සලට තමයි. මේ විදිහට පරීක්ෂණ කරන කොට ඒගොල්ලෝ හොයාගත්තා පෘතුවියට එන Solar flares නවත්තන්න හොදම විදිහම තමයි Vault system එක කියලා.
Grand Temple |
ඔය අතර තුරේ Juno මහ කැත වැඩක් කරනවා. එයා පෘතුවිය බේරගන්නව වෙනුවට මේ solar flares පෘතුවියට ආවට පස්සේ Eden එක හොයාගෙන ඉතුරු වෙන මිනිස්සු ටික එයාට ඕන විදිහට control කරන්න plan එකක් හදනවා. හැබැයි Juno ගේ plan එක ගැන Minerva සහ Jupiter දැනගන්නවා. ඊට පස්සේ මෙදෙන්නා Junoව Grand Temple එකේ හිර කරනවා.
Juno |
Minerva |
Jupiter |
ඔහොම යනකොට Jupiter සහ Minerva හොයාගන්නවා පෘතුවියට එන solar flare නවත්තන්න නම් vaults හදන්න ඕන කියලා. ඒ නිසා මේගොල්ලෝ ලෝකේ පුරාවයම විවිධ තැන්වල පොලොව යට vault(සුරක්ෂිතාගාර) හැදුවා. පස්සේ ඒ vault ඔක්කොම එකට link කරලා Grand Temple වල Eye කියලා එකක් හැදුවා. එතකොට මේ Eye එක හරහා අනික් vault ඔක්කොම unlock කරලා පෘතුවියට එන Solar flares නතර කරන්න පුලුවන්.
Toba Catastrophe |
දැන් ඔක්කොම හරි පෘතුවිය බේරගන්න ඕන කරන ඔක්කොම හරි. දැන් තියෙන්නේ Eye එක activate කරන්න විතරයි. හැබැයි ඉතිං Juno ආයි වැඩේ කනවා. Minerva, Jupiter මරු තැන නේ Juno ව හිරකලේ. Grand Temple එකේ හිර වෙලා ඉන්න කාලේ Juno තවත් ශෝක් වැඩක් කරනවා. එයා Minerva හදපු Eye එකේ settings වෙනස් කරනවා.
දැන් නිකන් හරි Minerva එයා හදපු Eye එක activate කලොත් Juno ව නිදහස් වෙනවා. Minerva, Juno ව නිදහස් කරන්න කැමති වෙන් නෑ. මේ නිසා Minerva එයා හදපු Eye එක එයාගේ අතින්ම විනාශ කරලා දානවා. හරි මම දන්නවා. දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. Minerva, Grand Temple එකේ එයා හදපු Eye එක විනාශ කලා නම් අවුරුදු දහස් ගානකට පස්සේ Desmond, Grand temple එකට යනකොට Eye එක කොහොමද තියෙන්නේ..?? පොඩක් ඉවසලා ඉන්නකෝ. ඔයාගේ ප්‍රශ්න සේරටම උත්තර හම්බෙනවා.
Desmond, Eye එකට අත තියෙන අවස්ථාව |
හ්ම්... දුක තමයි දැන් ඉතිං පෘතුවියට එන Solar flares නතර කරන්න විදිහක් නෑ. Solar flares පෘතුවියට එනවා. මිනිසුන් වයි Precursors ලයි හුග දෙනෙක් විනාශ වෙලා යනවා. පෘතුවිය පිච්චිලා යනවා. (මේ Catastrophe එක නිසා පෘතුවිය විනාශ වෙලා යනවා ඔයාට දකින්න පුලුවන් AC III game එකේදී). Precursorsලා බොහොම ටික දෙනයි ඉතුරු වෙන්නේ. මිනිස්සුත් ගොඩදෙනෙක් මැරුනට Precursorsලාට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් ඉතුරු වුනා.
මේ දෙගොල්ලන්ම තෙරුම් ගන්නවා ඒගොල්ලන්ට වැරදුන තැන. ඒගොල්ලන්ගේ මේ තේරුමක් නැති යුද්ධය නිසා දෙගොල්ලන්ටම ලොකු හානියක් වුණා. ඒක නිසා මිනිස්සුයි Precursorsලයි ආයිමත් එකට එකතු වෙලා පෘතුවිය ආයි ගොඩ නගනවා. කොහොම වුනත් Precursorsලා බොහොම පොඩි ප්‍රමාණයක් ඉතුරු වුණු නිසා ඒගොල්ලන්ට මේකෙන් ගොඩ එන්න බැරි වුණා. Precursors හෙමින් හෙමින් වද වෙලාම යන්න ගියා.
ඒ කොහොම වුනත් Minerva දකිනවා ආයිමත් අනාගතයේදී මේ වගේම Catastrophe එකක් එනවා කියලා. ඉතිං ඒකෙන් ලෝකේ බේරගන්න ඕන නිසා එයා තවත් Eye එකක් හදනවා. ඒක හදන්නේ Rome වල.
ඊට පස්සේ එයා ඉස්සරහට එන මේ Catastrophe එක ගැන අනාගතයේ ඉන්න මිනිස්සුන්ට දැනගන්න, warning massages record කරලා තියෙනවා. ඒවා තමයි game යනකොට අපි දකින්නේ. මේ සිද්ධ වුණු විනාශයෙන් පස්සේ ආයි මේ වගේ දෙයක් නොවෙන්න වෙන වෙන Precursorsලාත් එක එක උපකරණ හදලා හැංගුවා. ඒවත් බොහොම powerful.
Catastrophe එක වෙලා අවුරුදු 100ක් විතර වෙනකොට Precursorsලා සම්පුර්ණයෙන්ම වද වෙලා ගියා.
මුලාශ්‍රය : Assassin's Creed Wiki.
මේ post එක කියවල ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න අමතක කරන්නත් එපා... තරහ නැතුව පල්ලෙහයින් පොඩි comment එකක් දාල යන්න හෝදේ.. comment එකක් දාන්න හරිම ලේසී.. කරන්න තියෙන්නේ comment as Anonymous කියන එක click කරන එක විතරයි..
ඒ වගේම අපේ FB page එකට like එකක් දාල පොඩි support එකක් දෙන්න අමතක කරන්නත් එපා.. මෙන්න link එක..
https://www.facebook.com/Game-Reader-955126177868353/
Gamereader-lk.blogspot.com All Rights Reserved...
මුලාශ්‍රය : Assassin's Creed Wiki.
මේ post එක කියවල ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න අමතක කරන්නත් එපා... තරහ නැතුව පල්ලෙහයින් පොඩි comment එකක් දාල යන්න හෝදේ.. comment එකක් දාන්න හරිම ලේසී.. කරන්න තියෙන්නේ comment as Anonymous කියන එක click කරන එක විතරයි..
ඒ වගේම අපේ FB page එකට like එකක් දාල පොඩි support එකක් දෙන්න අමතක කරන්නත් එපා.. මෙන්න link එක..
Gamereader-lk.blogspot.com All Rights Reserved...
Ela...Good Work bro..Cheers....
ReplyDeleteThank you bro..
Deleteනියමයි!!!
ReplyDeleteElahhhh...
Deletesupiri storiya...
ReplyDeleteThanks machooo..
Deletepatta bro
ReplyDeleteThank you broo...
DeleteEla ela. Good work mchan
ReplyDeleteThanks machooo..
DeleteUbe post nam supiri.puluwannm ac syndicate uba aye liyapn mchn.dan thiyana eke mokuthma na.
ReplyDeleteEl bro.thanks for the suggestion..
Deleteමට මේ game එක තේරුම් ගන්න බැරුව හිටියේ දැන් නම් වැඩේ හරි නියම බ්ලොග් එකක් :)
ReplyDeleteThank you very much machoo...
DeleteSupiriiiii.Jayaweewaa>>>>>>>>
ReplyDeleteThank you very much..
DeleteEla ban
ReplyDeleteThanks bro
Delete