Assassin's Creed Revelations පටන් ගන්න කොට Desmond ඉන්නේ coma එකක. එයාගේ මනස animus එකේ මනකඃල්පිත දුපතක හිර වෙලා තියෙන්නේ. මේ මායා දූපතේදී Desmond ට Subject 16 කියලා කෙනෙක් හම්බෙනවා. මෙයටම තමයි Clay Kaczmarek කියන්නේ. Clay Kaczmarek කියන්නේ Abstrgo එක Desmond ට කලින් animus එකට යොදාගත්ත කෙනා. එයාගෙත් මනස මේ මායා දූපත ඇතුලේ හිර වෙලා තියෙන්නේ. අනිතිම හරියේදී Desmond ට උදව් කරන්න ගිහින් clay ගේ ආත්මයත් විනාශවෙලා යනවා.
Subject 16/Clay Kaczmarek |
Clay, Desmond ට කියනවා එයා apple එක අතට ගත්‍තට පස්සේ Lucy මැරෙනකන් සේරම විස්තර ටික. ඒ වගේම Clay, Desmond ට කියනවා මේ මායා දුපතෙන් එලියට යන්න නම් Desmond, Altair ගේ memories ටිකයි, Ezio ගේ memories ටිකයි සම්පූර්ණ කරන ඕන කියලා. එහෙම සම්පූර්ණ කලොත් විතරයි Desmond ට එයා ඉන්න කෝමා එකෙන් නැගිටින්න පුලුවන්.
Altair සහ Ezio |
Desmond මුලින්ම යනවා Ezio ගේ memories වලට. මේ වෙනකොට Ezio නම් ටිකල් වයසයි. හැබැයි වයස වුණත් වැඩකාරයා. Ezio ට කුතුහලයක් ඇති වෙනවා Assassin කියන සංවිධානයේ අතීතය ගැන හොයන්න.
Ezio |
Masyaf |
අපි දැනටමත් දන්නවා Assassin's සංවිධානයේ පළවෙනි සාමාජිකයා තමයි Altair කියන්නේ. එයා තමයි මේ සේරම පටන් ගන්නේ. ඔයාලට මතක අති Assassin's Creed I game එකේදි Desmond යන්නෙ Altair ගේ memories වලට. ඒකෙදී Desmond, Altair ගේ memories ඔක්කොම ඉවර කරන් නෑ. මොකද Lucy ඇවිල්ලා Desmond ව අරන් යනවා නේ.
Ezio, Altair ගේ පුස්තකාලය හොයාගන්නවා. හැබැයි ඉතිං හොයාගත්තට වැඩක් නෑ. එක lock කරල තියෙන්නේ. Ezio ට මේ පුස්තකාලේ දොර ඇරගන්න ඕන නම් යතුරු 5ක් ඕන වෙනවා.
ඊට පස්සේ ඉතිං අපේ Ezio කොල්ලා මේ යතුරු ටික හොයන්න පටන්ගන්නවා. මේ වෙනකොට templars ලත් මේ පුස්තකාලේ ගැන දැනගෙන එයාලත් මේ යතුරු 5 හොයනවා. ඒගොල්ලෝ හිතන්නේ මෙක ඇතුලේ මොකක් හරි බලගතු දෙයක් හංගල ඇති කියලා. Ezio ට දැනගන්න ලැබෙනවා Altair ගේ පුස්තකාලේ යතුරු set එක තියෙන්නේ කොන්ස්තන්තිනෝපලයේ කියල. ඊට පස්සේ Ezio යනවා කොන්ස්තන්තිනෝපලය
කොන්ස්තන්තිනෝපලය |
එහෙදි තමයි Ezio ට එයාගෙ love එක හම්බෙන්නේ. ඒ තමයි Sofia Sartor.
Sofia Sartor |
යතුරු 5 හොයාගත්තට පස්සේ Ezio ආපහු Masyaf වලට එනවා. Ezio පුස්තකාලේ දොර අරිනවා.
Ezio ට දැනගන්න ලැබෙනවා Altair ට මොකද වුණේ කියලා. Altair, Al mualim මැරුවට පස්සේ එයාට එයාගේ බිරිදවයි දරුවවයි නැති වෙනවා. ඒ දෙන්නව මරලා දානවා. පස්සේ Altair මේ වැඩේ කරපු අයවත් මරලා දාලා පලියගන්නවා. ඊට පස්සේ එයාගේ memories අපේ Ezio හොයාගත්ත යතුරු වල තැන්පත් කරනවා.
Altair |
Ezio පුස්තකාලයට යනකොට Ezio දකිනවා Altair ගේ ඇටකටු ටිකයි, එයා ලබාගත්ත apple එකයි.(මතක තියාගන්න Assassin's Creed game saga එකේ එක apple එක විතරක් නෙවෙයි තියෙන්නේ. මේ apple එක අර Ezio හංගපු එක නෙවෙයි).
Ezio, Altair හොයාගත්ත apple එක එහෙන්මම තියෙන්න අරිනවා. Ezio ඒක අල්ලන්නේවත් නෑ.
ඊට පස්සෙ Ezio එයාගෙ weapons ඔක්කොම බිම දාල Desmond ට කථා කරනවා. Ezio තෙරෙන් නැති වුණාට Desmond කොහොමද එයාව බලන්නේ කියලා එයා Desmond ට කථා කරනවා. කථා කරලා කියනවා එයාට(Ezioට) උත්තර හොයාගන්න බැරි වුණ ප්‍රශ්න වලට Desmond ට උත්තර හොයාගන්න කියලා.
ඒක කියලා ඉවර වෙනකොටම Desmond ට තවත් Precursor කෙනෙක් පේන්න ගන්නවා. ඒ තමයි Jupiter. Jupiter, Desmond ට පැහැදිලි කරනවා Precursors ලා ඒගොල්ලන්ගේ තාක්ෂණය භාවිතා කරලා පෘතුවියට එන solar flare (සූර්ය ලෙළිසිළුව) එක නවත්තන්න උත්සහ කලාට ඒගොල්ලන්ට ඒක නවත්තන්න බැරි වුණා කියලා. මේ නිසා මේ solar flare එක නිසා මුලු පෘතුවියම වගේ විනාශ වෙලා ගියා. (මේ solar flare එක ඇවිල්ලා පෘතුවිය විනාශ වෙලා යන හැටි තමයි game එකේ අන්තිම හරියේදි පෙන්න).
Jupiter |
ඊට පස්සේ Jupiter, Desmond ට කියනවා එදා ආවා වගේමෙ solar flare එකක් ආයිමත් පෘතුවියට එනවා කියලා. ඒක පෘතුවියට ආවොත් මුළු ලෝකයම විනාශ වෙලා යයි කියලත් Desmond ට කියනවා.
එහෙම කියලා නිකන් ඉන්නේ නෑ. මේ solar flare එක නවත්තන්නේ කොහොමද කියලත් Jupiter, Desmond ට කියනවා. Precursors ලාට එදා පෘතුවිය බේරගන්න බැරි වුණාට එදා Precursors ලා පාවිච්චි කරපු තාක්ෂණය යි දැනුමයි මේ ගොල්ලෝ vault(සුරක්ෂිතාගාර) කීපයකම ගබඩා කරනවා. ඊට පස්සෙ ඒ vault ඔක්කොම එකට link කරලා Central Vault එකක් හදනවා. මේ එන Solar flare එක නවත්තන නම් Central Vault එකට යන්න ඕන කියලා Jupiter, Desmond ට කියනවා. මේ central vault එක තියෙන්නෙ New York වල කියලා. ඒත් එක්කම Desmond එයා හිටපු කෝමා එකෙන් නැගිනවා.
Gamereader-lk.blogspot.com All Rights Reserved...
Illaga post akath lagadima ona
ReplyDeleteIllaga post akath lagadima ona
ReplyDeleteComment කලාට බොහොම ස්තූථියි මචො.. පුලුවන් තරම් ඉක්මනටම අපි අනික් ඒවත් දානව.. keep in touch..
Deleteනියමයි මචං ඊලඟ එකත් ඉක්මනටම දාන්නකෝ....
ReplyDeleteඅනිව bro.. ඉක්මනටම දානවා....
ReplyDeletepatta thanks, next part ekath ekmanata danda
ReplyDeleteThank you comment kalata.. eelanga ekatah ikmanatama danawa..
DeleteGood job machan...apita tawa Update one GAMES gana...pluwannam PC Release wenda titana UNCHARTED game 1ke story hoyala kiyapan bnz...1ka tama danne neha ne story 1ka..
ReplyDeleteGood job machan...apita tawa Update one GAMES gana...pluwannam PC Release wenda titana UNCHARTED game 1ke story hoyala kiyapan bnz...1ka tama danne neha ne story 1ka..
ReplyDeleteGood idea bro.. We will look into it.. Thank you very much comment kalata...
DeleteMacho pluluwan nam unity eka genath dannako! :( eke ape swt ekawa maranawa da?
ReplyDeleteAniwa bro.. oder ekata thama yanee... podak iwasanna wenawa kollo..
Delete