ඔන්න අද ඉදන් අලුතෙන් මම සෙට් උනා Game Reader එකට..
ඔයාලට ගේම්ස් ගැන ඒ වගේම Gaming Tricks ගැනත් කියන්න...
වැඩි කතා ඕනේ නෑ..වැඩේට බහිමු.. හා හාපුරා කියලා මම වැඩ පටන් ගන්නෙම පට්ට ජනප්‍රිය උන Assassin's Creed ගේම් series එකේ අලුතින්ම ආපු ගේම් එකෙන්.. ඒ කියන්නේ syndicate එක..
මේක release උනේ 2015 අවුරුද්දේ මුල..
මේකත් කලින් ඒවා වගේම සුපිරිම story එකක් එක්ක එලියට ආපු ගේම් එකක්..
මෙන්න මේ විදිහට තමා කතාව යන්නේ...
මේක කලින් episodes වලට වඩා ටිකක් වෙනස් මොකද මේකේ ඉන්නවා Jacob frye ,Evie frye කියලා නිමුන්නූ දෙන්නෙක්.. ඒ කිව්වේ අපිට ඕන character එක තෝරගෙන සෙල්ලම් කරන්න පුලුවන්..
Jacob frye |
Evie frye |
සුපුරුදු පරිදි templars ලත් ඉන්නවා ..
මේ සිද්ධිය වෙන්න කාර්මික විප්ලවය කාලේ .. ඒ කියන්නේ කලින් episodes වගේ මේකේ ආදි කාලේ ආයුධ නෙවේ තියෙන්නෙ.. සුපිරි සුපිරි gadgets තියෙනවා..
තව දෙයක් කියන්න ඕනේ මේකේ ගොඩක් වැදගත් දෙයක් තියෙනවා කියන්න.. ඒ මොකක්ද කියලා දැන් හිතනවා ඇති..
අපි දන්න ලෝකෙම හොල්ලපු නිර්මාණකරුවන් අපිට සජීවීව හම්බෙන්න පුලුවන්..
Alexander graham bell
Charles Darwin
Charles Dickens
Karl Marx
Florence Nightingale
Charles Dickens |
Florence Nightingale |
වික්ටෝරියා රැජින |
සුපිරිම වැඩේ කියන්නේ අපිට mission දෙන්නේ මෙයාලාමයි.. කොහොමද ආතල් එක නේහ්..ලෝක ප්‍රසිද්ධ චරිත එක්ක සජීවීව ගනුදෙනු කරන එක ...
මගේ නම් ආසම වැඩේ graham Bell ගේ මිෂන් ටික කරන එක..
ඇති ඇති කිව්වා.. නැත්තම් අගේ නැති වෙනවා ගේම් එකේ..
එහෙනම් කොහෙන් හරි හොයාගෙන අනිවා play කරන්න.. මොකද මේක මෙතෙක් ආපු සුපිරිම ගේම් වලින් එකක්..
එහෙනම් කොහෙන් හරි හොයාගෙන අනිවා play කරන්න.. මොකද මේක මෙතෙක් ආපු සුපිරිම ගේම් වලින් එකක්..
තව සුපිරි ගේම් එකක් අරන් එනකම් උබලට ජය....
අපේ FB page එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා..
මෙන්න link එක - https://www.facebook.com/Game-Reader-955126177868353/
අපේ FB page එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා..
මෙන්න link එක - https://www.facebook.com/Game-Reader-955126177868353/
Gamereader-lk.blogspot.com All Rights Reserved...
0 comments
Post a Comment