"මේ ලබන්නා වු 2016 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී යන, ජරමර බරබර කරදර නැති සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ඔයාලා හැමෝටම.."
"මේ ලබන්නා වූ නව වසරේ දී PC කැඩුන අයගේ PC අලුත් කරගන්නත් PC upgrade කරන්න ආසවෙන් ඉන්න අයට තමන්ගේ PC එක තමන් සිතන ආකරයටම upgrade කරගැනීමටත් මේ අලුත් අවුරුද්දේ වාසනාව උදාවෙවා.. ඒ වගේම Xbox, PlayStation මිලට ගැනිමට සිටින සියලු දෙනාටමද ඒ අකාරයෙන්ම ඒවා මිලදි ගැනිම ට වාසනාව සැලසේවා."
ඔයාල දන්නව නේ 2016 කියන්නේ Game පිස්සන්ටයි Film පිස්සන්ටයි හොදම අවුරුදක්. මොකද 2016 දී තමා ලෝකේ ගොඩක දෙනෙක්ගේ කථා බහට ලක්වෙච්ච Movies වගේම Games release වෙන්නේ.
අද මම ඔයාලට අරන් එන්නේ 2016 දී නිකුත් වෙන්න තියෙන සුපිරි Game 16 ගැන විස්තර. බලන්නකෝ කොහොමද කියලා
1) HITMAN 6
Hitman කියන්නේ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක් ජනප්‍රිය game එකක් නේ. ඔන්න ඉතිං hitman game series එකේ අලුත්ම game එකක් 2016 මාර්තු 11 එනවලු. මෙච්චර කල් ආපු hitman games නම් ඉතිං සුපිරි නේ. මේ game එක අනික් games වලට වඩා හොද වෙයි. එක ගැන නම් කථා දෙකක් නැ ඉතිං.
2) Quantum Break
ඔන්න 2016 දී play කරන හම්බෙන තවත් සුපිරි game එකක් තමයි මේ. Release වෙන්නෙ අප්‍රෙල 5. Quantum break TV series එකත් එක්කම යන game එකක් කියල තමා ආරංචි. හැබැයි හොදම ආරංචිය ඒක නෙවෙයි, මේ game එකේ creators ලාම තමයි හුගක්ම ප්‍රසිද්ධ වෙච්ච Maxpayne, Allan Wake කියන් games හදලත් තියෙන්නේ. එහෙනම් ඉතිං මේක ගැන අපිට ලොකු බලාපොරොතුවක් තියාගන්න පුලුවන් වෙයි.
3) Dishonored 2
සමහර අය නම් dishonored ගැන වැඩිය දන්නේ නැතුව ඇති. Dishonored 1 එච්චරම ලොකු හිට් එකක් වුණේ නෑ. ඒ වුණාට එක play කලා නම් ඔයා දකින්න ඇති එකේ story එක කොහොමද කියලා. Graphics එච්චරම නැති වුණාට එකේ කථාව නම් සුපිරි. 2016 දී සුපිරි story එකක් වගේම සුපිරි graphics එක්ක dishonored 2 එනවා.
4) DOOM
2016 දී release වෙන zombie type game එකක් තමයි මේ.
5) Uncharted 4 : A thief's life
ඔගොල්ලන්ට මතක ඇති මේ game එක release වෙන්න තිබුණේ 2015දි. ඒ වුණාට 2015 දී මෙ game එක release කරගනන් Sony එකට බැරි වුණා. එකට කමක් නෑ. ඔන්න Uncharted 4 2016 මර්තු 18 වෙනිදා release වෙනවා. Uncharted 3 ඇවිල්ලා අවුරුදු 3කට පස්සේ තමා Uncharted 4 එන්නේ.
විශ්‍රාම ගිය Nathan Dake එයාගේ සහොදරයා Sam ට උදව් කරන්න යනවා. ඒ වටා තමා මේ පාර uncharted 4 එකේ story එක යන්නේ. දුකට කාරණය කියන්නේ 2016 මාර්තු වල game එක release වෙන්නේ PS4 වලට විතරයි. PC වලට එන්න ටිකක් කල් යයි.
6) For Honor
මේ game එක release කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, Ubisoft එකෙන්. මේ game එකත් 2016 දී අපිට play කරන්න පුලුවන්. ඒ වුණත් මේක 2016 දීම release වෙයි කියල කියනන් අමාරුයි. ඒ වුණත් අපි ප්‍රාර්ථනා කරමු 2016 දීම එන්න කියලා. මේ game එකත් ටිකක් හරියට RYSE වගේ. කඩු දුනු හෙල්ල තමා. මොනා උනත් ඉතිං Ubisoft එකෙන් වැඩක් කලොත් සුපිරි නේ.
7) The Division.
Ubisoft එක 2016 දී release කරන තව්ත් game එකක් තමයි මේ. 2016 මාර්තු 8 වෙනිදා තමා මේක release කරන්නේ. මේ game එක play කරන්න ඔයා වගේම මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ.
ඇමරිකාවෙ Black Friday එක දවසේ ඉතාම දරුණු virus එකක් පැතිරිලා යනවා. මේ virus එක නිසා දවස් 5ක් ඇතුලත මුළු ඇමරිකාවම බිදවැටෙනවා. රට අවුල් වෙලා යනවා. ඔයාට මේ game එකේ play කරන්න හම්බෙන්නේ රහසිගත හමුදා කණ්ඩායමක agents ලා විදිහට. ඒ කණ්ඩායම තමයි The Division. මේ ගොල්ලන්ගේ task එක තමයි කඩා වැටෙන්න යන ඇමරිකානු සමාජය යලි යථා තත්වයට පත් කිරීම.
8) Tom Clancy's Ghost Recon Wild lands
මේ game එකත් ඉතිං අපේ Ubisoft ලගෙන්ම තමයි. මේක GTA V වගේ open world game එකක්. දෙයියනේ කියල 2016 දිත් කම්මැලි නැතුව ඉන්න පුලුවන් වගේ.
9) Horizon : Zero Dawn
මේ game එක develop කරලා තියෙන්නේ Guerilla games කියන සමාගම. මේ game එකේ විශේෂත්වය තමයි මේ game එකේ අපිට play කරන්න ලැබෙන්නේ female character එකක්. මේ game එකක් ටිකක් අමුතුම type එකේ game එකක්. මට එක කියන්න තෙරෙන්නෙ නම් නෑ. Trailer එක බලන්නකෝ. එතකොට හිතාගන්න පුලුවන්. මොනා වුණත් මේක නම් 2016 දි hit වෙයි කියලා මට හිතෙනවා.
10) MAFIA 3
2016 දී release වෙන තවත් සුපිරි ගනයේ game එකක් තමයි මේ. හුග දෙනෙක් මේ game එක නම් play කරල ඇති. ඔයා Mafia 1,2 play කරලා නැතන් Mafia 3 play කරන්න කලින් ඒ දෙක play කරල ඉන්න. මොකද mafia 1,2 වල කථාව තමයි මේ game එකේන් ඉස්සරහට යන්නේ.
11) Homefront: The Revolution.
Homefront game series එකේ දෙවෙනි game එක තමයි මේක. Homefront 1 එකේ සිද්ධ වුණ දෙවල් වෙලා අවුරුදු 2කට පස්සේ වෙන සිද්ධි තමා මේ game එකේන් විස්තර වෙන්නේ.
12) Dead Island 2
ඔයත් dead island 1 play කලා , ඔන්න 2016 දී ඔයාට පුලුවන් Dead island 1 play කරන්න. මේක dead island 1 එකට වඩා ගොඩක් හොදවෙයි අනිවාර්යයෙන්ම.
13) Far Cry Primal.
මේ game එක ගැන නම් හුගදෙන්නෙක් දැනටමත් දන්නවා ඇති Far Cry series එකේ 5 වෙනි game එක තමා මේක. මේකත් 2016 දී release වෙනවා. හැබැයි ඉතිං මේ game එක නම් අනික් far cry game වලට වඩා ගොඩක්ම වෙනස්. මොකද මේකෙ guns නෑ. කඩු, දුනු, ඊතල තමයි. එහෙමයි කියල දැන්ම කියන්න බෑ game එක චාටර්ද නැත්ද කියලා. Play කරලම බලන්න වෙනවා.
14) Deus Ex : Mankind Divided
මේ game එක Deus Ex game series එකේ 5වෙනි game එක. මේ game series එකේ 4 වෙනි game එක, Deus Ex The fallen ආවේ 2013 දී. ඊට අවුරුදු 3කට පස්සේ තමයි මේ game එක release වෙන්නේ. මේ game series එකේත් පට්ටම story එකක් තියෙන්නේ. මේකේ story එකත් හරියට Metal Gear Solid වගේ. අපි බලමු game එක කොයි වගේ වෙයිද කියලා.
15) Need For Speed.
NFS කිව්වාම ඉතිං නොදන්න කෙනෙක් නෑනේ. ඔන්න ඉතිං NFS අලුත්ම game එකක් 2016 දී එනවා. මේ game එකේ story එක යන්නේ Magnus Walker, Akira Nakai, Risky Devil, Ken Block සහ Shinichi Morohoshi කියන racers ලා අතරේ. කලින් NFS games වලට වඩා මේ game එක ගොඩක් advance හැම අතින්ම. මේ game එකත් හොද hit එකක් වෙයි කියල මට නම් හිතෙනවා.
16)Mass effect Andromeda
2016 දී Electronic Arts එකෙන් release කලරන අලුතම game එක තමයි මේ. මේ game එක mass effect game series එකේ 4වෙනි game එක. 2015 දී release කරන්න plan කරන තිබුණත් EA එකට මේක 2015 දී release කරගන්න බැරි වුණා. ඒකට කමක් නෑ. ලබන අවුරුද්දෙදි මේක ඔයාට play කරන්න chance එක තියෙනවා.
Rise of the tomb Raider ganath daana ..dala tiyana ewa pattai..
ReplyDeleteThank you bro... Tomb raider PS eka release wela nisai danme nathe bro..
Deletesupiri bro digatama kragena yanna
ReplyDeleteThank you machoo
Deletepatta.... thankz machan.. ela digatama meka karagena yanna...
ReplyDeleteThank you machooo...
Deleteමචන් sniper ghost warrior 3 එක ගැන දැම්මෙ නැත්තෙ ඇයි........
ReplyDeleteSamahara ewa mata miss wela thiyenawa bro.. realy sry..
Delete