Saturday, January 23, 2016

Assassin's Creed I
Nadeesha Koralage5:25 PM 15 comments


මේ game එක පටන් ගන්නේ Abstergo කියල සංවිධානයක් Desmond Miles ව අල්ලගෙන එයාව බලෙන්ම Animus කියන machine එකකට දානවා.. මේ 
Abstergo සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ්ඥයා විදිහට ඉන්නේ Warren Vidic. මෙයා තමයි Desmond ව Animus එකට දාන්නේ. මේ Animus කියන machine එක හරහා Desmond ට පුලුවන් වෙනවා කාලය හරහා ගමන් කරන්න. මෙහෙමයි, කාලය හරහා ගමන් කරන්නේ එයාගේ ශරීරය නම් නෙවෙයි, හැබැයි එයාගේ මනස. මේ විදිහට Desmond ගේ මොළය තුන්වන කුරුස යුද්ධය කාලේ හිටපු Altair කියන Assassin ගේ මතකයත් එක්ක සම්බන්ධවෙනවා.




Warren Vidic

ඇයි Desmond වම මේ වැඩෙට යොදාගත්තේ? කියල ඇහුවොත් දෙන්න පුලුවන් උත්තරේ තමයි, Desmond කියන්නේ Altair ගේ පරම්පරාවෙන් පැවතගෙන එන එක්කෙනෙක්. මෙන්න මේ නිසා තමයි Desmond ට විතරක් Altair ගේ අතීතයත් එක්ක සම්බන්ධවෙන්න පුලුවන්. Altair කියන්නේ assassin කෙනෙක් නේ. ඉතිං මෙයාට බිල්ඩින් උඩින් පනින එවා, ගහගන්න එක එහෙම එච්චර අමාරු දේවල් නෙවෙයි. Altair , Robert de Sable කියල කෙනෙක්ව මරන්න උත්සහ කරනවා. ඒ මොකද Robert de Sable, Eden එකේ කැල්ලක් හොරකම් කරන්න හදනවා.


Desmond
Altair


මොකද මේ Eden එක කියන්නේ? Game එකට අනුව Eden කියන්නේ පෘතුවිය මත මනුෂ්‍ය ජීවය ඇති කරන්නත් මිනිසුන්ව පාලනය කරන්නත් Precursors ලා නිර්මාණය කරපු මෙවලමක්. Precursor කියන වචනේ තේරුම "පුරෝගාමියා" කියන එකයි. එතකොට මේ Precursors ලා තමයි පෘතුවියේ මුලින්ම පහල වුණු ජිවීන් කොට්ටාශය. Precursors ලා පෘතුවිය මත මනුෂ්‍ය ජිවය බිහි කිරිමත් එක්කම මිනිස්සු මේ Precursors ලාට දෙවියන් විදියට තමයි සැලකුවේ.
Precursors

කොහොම හරි Altair, Robert ව හොයාගෙන එයාව මරලා දානවා. ඊට පස්සේ Altair දැනගන්නවා Robert හොරකම් කරන්න හදපු Eden එකේ කැල්ල Al Mualim කියන templar ගාව තියෙනවා කියලා. Altair එයාවත් හොයාගෙන එයාවත් මරලා දාල Eden එකේ කැල්ල ගන්නවා. මේ Eden එකේ කැල්ල ගන්න කොට Altair ට දැන ගන්න ලැබෙනවා Eden එකේ කෑලි වලින් මේ ලොකේ පාලය කරන්න පුලුවන් වගේම, ඒවා වැරදි කෙනෙක් අතට ගියොත් ලෝකය පවා විනාශ කරන්න පුළුවන් බලයක් මේවට තියෙනවා කියලා. මේ Eden එකේ කෑලි ලෝකය පුරා එකක තැන් වල තියෙනවා. මේ වගේ ඒවට කියන්නේ Artifacts කියලා.



Al Mualim
Robert de Sable


ඊට පස්සේ එකපාරටම Lucy Stillman කියලා කෙනෙක් Desmond ව Animus එකේන් එලියට ගන්නවා. Lucy, Desmond ට පැහැදිලි කරනවා මේ Abstergo කියන්නෙ Templar ලගේ වර්තමාන එක ස්වරූපයක් කියලා. ඒ වගේම කියනවා Abstergo සංවිධානයට ඕන කරලා තියෙන්නේ Assassin ලාගේ memories වලට ගිහින් මේ Eden එක හංගලා තියෙන තැන හොයාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට පුලුවන් මුලු ලෝකයම පාලනය කරන්න. ඉතිං මේ නිසා Lucy, Desmond ව නිදහස් කරගෙන යනවා. මෙතනින් Assassin's Creed I කියන game එක ඉවර වෙනවා.

මේ post එක ගැන ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්නත් එපා. ඊලගට  Assassin's creed II ගැන post එක ලගදීම ... 

Gamereader-lk.blogspot.com All Rights Reserved...
In Category : ,

15 comments:

  1. Niyamai bro nice post..😁👌

    ReplyDelete
  2. ela... ela....

    ReplyDelete
  3. ithuru tika denna.... ikmanata...... i am waiting bro....

    ReplyDelete
    Replies
    1. Thank you bro.. owow ikmanatama danawa :-) Thank you for your comment..

      Delete
  4. sirawatama matath Assiassn's creed game eka melo deyak therenne naa, athal ekata gahana misak. anith ewath ikmanata dennako bro. elama wadak (Y)

    ReplyDelete
    Replies
    1. ara Unknown kiyala uda thiyana ekath mage athin comment wune sry. eka delete karanna

      Delete
  5. Kalana Wijethunga..Thank you very much comment කලාට .. ඔව් ඔව් මම දන්නවා.. ඒක නිසා තමයි මම assassin's creed ගැන ලියන්න හිතුවේ.. අහ්.. ඒකට කමක් නෑ no worries..

    ReplyDelete
  6. Lucy marena eka tama wawaganda bari wenne

    ReplyDelete
  7. Machn..AC 1 eke altair eka eka dail maranda eka eka city walata yanawane...a eka eka city wala wena wena goverment da thinne..ai a wag inna army assasinglawa maranda hadanne...un templarlatada support...ekath poddak pahadili karala deepan machn..

    ReplyDelete