Wednesday, March 2, 2016

Pieces of Eden - Part 2
Nadeesha Koralage6:29 PM 2 comments


ඔන්න එහෙනම් මම ගිය සතියේ පොරොන්දු වුණා වගේම ගේම් සිරිස් එකේ එන ගැන දෙවෙනි සහ අවසාන එක අරගෙන ආවා..ඉතිං ඔයා ම් post එක නම් මුලින්ම කියවන්නේ.. හෝව්ව්ව්ව්... තරහ නැතුව මම ලිවපු පළවෙනි post එක කියවන්නකෝ.. ඔන්න link එක තියෙනව පල්ලේහා.. 
http://gamereader-lk.blogspot.com/2016/02/pieces-of-eden.html

පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන.. ඔයාලට මේක කියවගෙන යන්කොට හිතුනොත් මේවා ඇත්ත තොරතුරුද?බොරු තොරතුරුද කියල කරන්න දෙයක් තියෙනවා.. මම මේ post එක අන්තිමටම මම මේ විස්තර හොයාගත්ත site එකේ link එක දානව.. ඉතිං කැමති කෙනෙකුට ගිහින් බලන්න පුලුවන්..

කථාවට බහින්න කලින් Eden එකේ තියෙන කෑලි ටික මොනාද කියල මම ආයි මතක් කරලා ඉන්නම්..

1.Precursor Box
2.Shrouds of Eden
3.Sword of Eden
4.Apples of Eden
5.Staves of Eden
6.Koh-i-Noor
7.Ankh

මේ හතෙන් මම පලවෙනි තුන කලින් post එකේ කථා කලා..හරී එහෙනම් අපි කෙලින්ම කථාවට බහිමු.. මම අද ඔයාලට විස්තර කරන්නේ apple of eden සහ staves of eden ගැන.

4)Apples of Eden.



හැම assassin's creed ගේම් එකකම වගේ අපිට මේ වචනේ අහන්න ලැබෙනවා. එකේ පුදුම වෙන්න දෙයක් නෑ. මොකද මේ වගේම apples 6ක්ම තියෙනවා..



මේ apple හරහා ප්‍රධාන වශයෙන්ම කරන්න පුලුවන් දේ තමයි මිනිස්සුන්ගේ මනස පාලනය කරන එක. මේ apple එකක් ඔයාගේ අතේ තියෙනව නම් ඔයා ලග ඉන්න ඕන කෙනෙක් ඔයාට ඕන විදිහට පාලනය කරන්න පුලුවන්.. මරු නේ. එහෙනම් ඉතිං කියල වැඩක් නෑ.. ඒ වගේම සමහර apple වලින් මනසට වගේම කායිකවත් හානි කරන්න පුලුවන්. හැබැයි sword එක තියාගෙන ඉන්න කෙනෙක්ව apple එකෙන් පාලනය කරන්න බෑ. අපි දැන් බලමු අර මම කලින් කිව්ව apples 6 මොනාද කියල.

Apple of Eden #1

මේ apple එක හොයාගන්නේ නැපෝලියන් බොනපාර්ට්. නැපෝලියන් මේ apple එකේ උදව්වෙන් තමයි ප්‍රංශ විප්ලවය දිනන්න හදන්නේ. කොහොම කොහොම හරි මේ apple එක අපේ Arno කොලුව අරගන්නවා. Arno හොද කොල්ල වගේ apple එක භාර දෙනව brotherhood එකට. එ වුණත් ආයිමත් නැපෝලියන් මේ apple එක එයාගේ අතට ගන්නවා ඊට පස්සේ මිනිහා ප්‍රංශයේ රජ වෙනවා.


Arno

ඊට පස්සෙ මේක පාවිච්චි කලා කියල වාර්ථා වෙන්නේ ඇමරිකානු ජනාධිපති J.F කෙනඩි. Templars ලා කෙනඩිව මරනව apple එ ගන්න. මේ වෙනකොට මේ apple එක කොහෙද තියෙන්නේ කියල කවුරුත් දෙන්නේනෑ..

Apple of Eden #2

මේ apple එක හොයාගන්නේ Malik AL-Sayf. පස්සෙ මේ apple එක Al Mualim ගේ අතට යනවා. Altair, Al Mualim ව මරල apple එක ගන්නවා. Altair මේ apple එක හංගනවා. ඒ නමුත් පසු කාලීනව එංගලන්තයේ එලිසබෙත් රැජින මේ apple එල හොයාගන්නවා. ඒ හරහා එයා මුලු එංගලන්තෙටම රැජිණක් වෙනවා.


Altair

කාලයක් යනකොට මේ apple එක ඉන්දියාවෙ මහත්මා ගාන්ධිගේ අතට යනව. මේ නිසා තමයි ගාන්ධි වටා ලොකු ජනකායක් එකතු වෙන්නේ.
මහත්නා ගාන්ධි ගාව තියෙන apple එක ගන්න ඕන නිසා templars ලා ගාන්ධිව මරනවා. මේ වෙන්කොට මේ apple එල විනාස වෙලා ගිහින්.

Apple of Eden #3

මේක මුලින්ම හොයාගත්තේ Freemason කියන සමාගම. මේගොල්ලන් මේ apple එක යුරෝපයට අරගෙන එනවා.පස්සේ ජොර්ජ් වොෂිංටන් මේ apple එක ගන්නවා. මේකෙ උදව්වේන් ජොර්ජ් ඇමරිකානු විප්ලවය ජයගන්නවා. නමුත් ජොර්ජ් වොෂිංටන් මේක ලග තියාගෙන ඉන්නකොට අමුතු රූප පෙන්න ගත්තා. මේ නිසා නේ apple එක අපේ Connor කොලුවට දෙනවා.




20 වන සියවසේදී මේක හොයාගන්නේ Franklin Roosevelt. මේ apple එක J.F කෙනඩිගේ අතට පත් වෙනවා. නමුත් කෙනඩි මියගියාට පස්සේ මේ apple එක Lyndo B. Jhonson ට ලැබෙනවා. මේ templar කෙනෙක්. 

J.F කෙනඩි

Franklin Roosevelt

මෙයා මේ apple එකේ බලය උදව්වේන් apallo 11 ව්‍යාපෘතිය සාර්ථක කරගන්නවා. (Apollo 11 තමයි මුලින්ම හදට ගියේ) මෙයා මේ විදියට කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. හදේ හංගලා තියෙන #5 apple එක පෘතුවියට ගෙන්න. මේ වෙනකොට ඒක කොහේ තියෙනවද කියන්න දන්නේ නම් නෑ..



Apple of Eden #04
4වෙනි apple එක මුලින්ම හොයාගත්තේ Nikola Tesla. පස්සේ මේක Mark Twain ගේ අතට පත් වෙනවා. ඊලගට ඒක හම්බෙන්නේ Henry Ford ගේ අතට. ඔව් ඔව් මෙයා අර කාර් හදපු Ford තමයි. ඊට පස්සේ මේක යන්නේ Adolf Hitler ගේ අතට. Hitler මේක පාවිච්චි කරනව දෙවෙනි ලෝක යුද්ධය දිනන්න. නමුත් අසාර්ථක වෙනවා. ඊට පස්සේ මෙකට මොකද වුණේ කියන්න කවුරුත් දන්නේ නෑ..


Adolf Hitler

Henry Ford

Apple of Eden #05
මේක හදේ තිබිලා ගෙනාවට පස්සේ මොකද වුණේ කියල කවුරුත් දන්නේ නෑ..


Apple of Eden #06 - Ezio's apple 
මේ apple එක මුලින්ම හොයාගත්තේ ottoman කියන සුල්තාන්වරයා. මේ apple එක assassinලා හොරකම් කරනවා. පස්සේ මේක හොයාගන්නේ Airolamo Savonarola . ඊටත් පස්සේ තමයි Ezio මේ apple එක හොයාගන්නේ. Ezio මේ apple එකයි අර Staff එකයි පාවිච්චි කරල තමයි Assassin's Creed දෙවෙනි ගේම් එකේදි vault එකේ දොර එහෙම අරින්නේ..


Ezio

Assassin's creed brotherhood ගේම් එකේදි මේ apple එක Ezio එයාගේ මාමා Marioට දෙනවා. Ceaser Borgia මාම ව මරල apple එක ගන්නව. පස්සේ මේක යනවා ලියනාඩෝඩාවින්චි ගාවට.. ඔහොම ඔහොම කැරකිලි අවුරුදු ගානකට පස්සේ තමයි ආයි මේක Desmond ගේ අතට එන්නේ.. එතනින් එහාට මොකද වුණේ කියන්න ඔයාල දන්නවා..





5)Staves of Eden



මේක ටිකක් යශ්ටියකට සමානයි.. ඒවගේම මේකේ බොහොම ලස්සන කැටයම් එහෙමත් තියෙනවා. මේක නිර්මාණය කරල තියෙන්නෙත් මිනිස්සුන්ගේ මනස සහ ශරීරය පාලනය කරන්න පුලුවන් වෙන විදිහට. ඒ වගේම මේකේ උඩ කොටසට apple එකක් හයි කරාම Vault එකට යතුරක් විදියට පාවිච්චි කරනත් පුලුවන්. මේකෙ යට කොටස ශක්තිමත් ලෝහයකින් තමයි හදලා තියෙන්නේ..


Staves of Eden

මේක මුලින්ම හොයාගන්නේ Peter කියන සාන්තුවරයා. මෙයා මේ යශ්ටිය උදව්වෙන් ක්‍රිස්තියාන් ධර්ම ලෝකය පුරාම පතුරවනවා. ඒ වගේම මෙය රෝමයේ පලමු පාප් වහන්සේ බවටත් පත් වෙනවා. අවුරුදු ගනනාවක්ම මේක තියෙන්නේ පාප් වහන්සේලා ලග. නමුත් Rodrigo Borgia පාප් බවට පත්වුණාට පස්සේ මේ යෂ්ටිය අපේ Ezio ගන්නවා. ඒ අරගෙන තමයි මේකටම apple එකත් සෙට් කරලා Vault එකේ දොර අරින්නේ. ආපහු Ezio එකනකොට මේ යශ්ටිය ගන්න හැදුවට මේයාට ඒකගන්න බැරි වෙනවා.



මේ වෙනකන් release වෙලා තියෙන ගේම්ස් වලින් නම් මේ ටික විතරයි අපිට බලාගන්න පුලුවන් වෙලා තියෙන්නේ.. ඉස්සරහට එන ගේම්ස් වලදි අපිට අර අනික් items ටිකත් බලාගන්න පුලුවන් වෙයි. එක නිසා මම ඒ ටික ගැන දැන්ම කරන්නේ නෑ. අපි ඒක කල්තියමු ඊලග ගේම්ස් release වෙනකම්.. එහෙම හොදයි නේද?? මේ post එක ගැන ඔයාලගේ අදහස comment එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා.. ඒවගේම මේ කරගෙන යන වැඩෙ හොදයි නම් අපේ Facebook page එකට like එකක් දාල සෙට් වෙන්න.. මෙන්න link එක..
https://www.facebook.com/Game-Reader-955126177868353/


Source : http://assassinscreed.wikia.com/wiki/Category:Pieces_of_Eden
In Category : ,

2 comments:

  1. ඇත්තක් ද මේක ?
    කෙනඩි ගාව තිබ්බද මේකක් >?

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ..මේ විස්තර තිබේ wikipedia එකේ..ඔය අන්තිමට තියෙන link එක බලන්නකෝ..

      Delete