අද මම ඔයාලට කියන්න යන්නේ අපු කවුරුත් අතරේ ඉතාමත් ජනප්‍රිය වුණ ගේම් එකක් වෙන Crysis ගැන. මේ ගේම් එක පිටසක්වල ජිවින් එක්ක සටන් තියෙන.. ටිකක් අත්භූත.. ඒ වගේම ත්‍රාසජනක ගේම් එකක්.
Crysis 1ගේම් එක වෙන සිදුවීම් සියල්ල වෙන්නේ 2020දි. ගේම් එක පටන් ගන්නේ Helena කියන ගැනු කෙනෙක් රෙඩියෝ එකකින් කරන කථාවකුත් එක්ක. Helena කියනව උතුරු ඇමරිකාවෙ සොල්දාදුවෝ ඒගොල්ලන් ඉන්න දූපතට පහර දෙනව කියල. ඒ වගේම කියනවා ඒගොල්ලෝ මෙ දූපතේ තිබිලා බොහොම වටින දෙයක් හොයාගත්තා කියලත්. ඒ සොයාගැනීම මේ ලෝකය වෙනස් කරන්න පුලුවන් එකක් කියලයි Helena කියන්නේ.
හ්ම් හ්ම්. මොකද වුණේ කියල බලනව ඇති ඔයා. හරි මම පැහැදිලි කරන්නම්.. Helena කියන්නේ පුරාවිද්යාඥ්ඥයෙක්. මෙයාගේ team එක් අය උතුරු කොරියාව පැත්තේ තියන දූපතකට යනව කැනීම් වගයක් කරන්න. ඒ කැනිම් වලදි මේගොල්ලෝ බොහොම වටින දෙයක් හොයාගත්තා. නමුත් ඒ සොයාගැනීම අවසාන කරන්න කලින් මේගොල්ලන්ට උතුරු කොරියාවේ හමුදාව පහර දෙනවා. ඉතින් ඒ අතරතුරෙදී තමයි Helena අර රෙඩියෝ messages එවන්නේ..
Helena |
මේගොල්ලන්ව බේරගන්න යවන team එකේ තමයි අපේ player ඉන්නේ. අපේ team එකේ නායකයා තමයි Prophet. අපේ player තමයි Nomad. Team එකේ ඉන්න අනික් අය තමයි Jester, Psycho, Aztec. ඔකොම පස්දෙනයි. ඒවගේම තමයි අපි ඇදගෙන ඉන්නේ nano suit එකක්. මේකෙන් අමුතු වැඩ කෑලි ටිකකුත් දාන්න පුලුවන්. නොපෙනි ඉන්න පුලුවන්, Extra strength ගන්න පුලුවන් වගේ දේවල්. අපේ mission එක තමයි මේ පුරාවිද්යාඥ්ඥයන්ව බේරගෙන අර සොයාගැනිමත් ආරක්ෂා කරගන්න එක.
Nano Suit |
Prophet |
Aztec |
අපේ team ප්ලෙන් එකකින් යනව. දුපත ලගදි කස්ටිය ප්ලේන් එකෙන් පනිනවා. කට්ටිය බිමට යනකොට එක පාරටම මොකද්දෝ අමුතු දෙයක් ඇවිල්ලා අපේ player ට පහර දෙනවා. මේක නිසා අපේ පැරශුට් එක වැඩ කරන්නේ නැතුව යනවා.අපිව කෙලින්ම වැටෙන්නේ මුහුදට.. මේ නිසා අපේ team එකේ අය වෙන් වෙනවා. ඊට පස්සේ ඉතින් මුලින්ම කරන තියෙන්නෙ අපේ team එකේ කට්ටියව හොයාගන්න එක. අපිට මුලින්ම හම්බෙන්නේ Jester ව. අපි Jester එක්ක අනික් අයව හොයාගෙන යනවා.
Jester |
Psycho |
අපි උතුරු කොරියාවෙ හමුදාවේ අයටත් පහර දෙනවා. ඔහොම ඔහොම ගිහින් අපේ අය දූපත මැදේ නැවක් හොයාගන්නවා. ඒක වෙන්න බැරි දෙයක් නේ. මෙතනදි Prophet, Psycho එක්ක පොඩි වලියක් යනවා. මොකද Psycho හිතනවා මේ mission එක ගැන Prophet මොනා හරි ඒගොල්ලන්ට හංගනවා කියලා.
දෙන්න බැන ගන්න කොට මොකද්දෝ අමුතු සද්දයක් එනවා.. කට්ටිය වටපිට බලන කොට එක පාරටම නැව කඩාගෙන පිටසක්වල යානයක් එනවා. මේ යානව Jesterව අරගෙන යනවා. අපි ඒ යානය පස්සෙන් යනවා Jester ව හොයාගෙන. නමුත් අපිට Jester ව හම්බෙනකොට පරක්කු වැඩි. එයා මැරිලා.
දැන් අපේ team එකේ ඉන්නෙ තුන්දෙනයි. අපේ team එක දිගටම mission එක කරගෙන යනවා. අපිට උ.කො army base එකක් හම්බෙනවා. ඒක ඇතුලට ගියාම අපිට පුරාවිද්‍යා කණ්ඩායමත් එක්ක වැඩ කරපු කෙනෙක් හම්බෙනවා.
මෙයා අපිට කියනවා පුරාවිද්යාඥ්ඥයන් කරපු සොයාගැනීම ගැන විස්තර. මේගොල්ලන්ගේ team leader ඒ කියන්නේ Dr. Rosenthal හොයාගන්නවා අවුරුදු මිලියන ගානක් පරණ ෆොසිලයක්. එයා නම් හිතන්නේ මේ ෆොසිලය මානව ඉතිහාසය ගැන කියවෙන ෆොසිලයක් කියල. නමුත් අපිට හම්බුන කෙනා නම් එහෙම හිතන්නේ නෑ. මොකද ඒ සොයාගැනිමෙන් පස්සෙ තමයි පිටසක්වල පහර දීම් පටන් ගත්තේ.
Dr. Rosenthal |
උ.කො හමුදාවෙ නායකයා General Kyong ටත් ඕන මේක මොකද්ද කියල හොයාගන්න. ඒක නිසා තමයි එයා මේ පුරාවිද්යාඥ්ඥයන් ඉන්න දූපත්ට පහර දීලා ඒගොල්ලන්ව අල්ලගන්නේ. අපිට හමුබුන කෙනා Dr. Rosenthal ඉන්න තැන කියනවා. එයා ඉන්නේ පතලක වගේ තැනක. අපි යනවා එයාව හොයාගෙන. Psycho යනව අපිට හම්බුන ගැනු කෙනාවා ආරක්ශිත තැනකට ගෙනියන්න.
අපේ player, Prophet එක්ක යනවා ඩොක්ටව හොයාගෙන. ඒ යන මගදි තවත් පිටසක්වල යානයක් ඇවිලා Prophet ව අරගෙන යනවා. අපිට Prophet ව බේරගන්න බැරි වෙනවා.
අපි තනියම යනවා ඩොක්ටව හොයාගෙන. අපි යනකොට ඩොක්ට ඉන්නවා අර ෆොසිලය ලග. එතනම තියෙන ලොකු tv screen එකකින් Gen. Kyong, Helenaත් එක්ක ඉන්නව පේනවා. Kyong කියනව ඒ ෆොසිලය අරින කියල. නමුත් ඩොකා බෑ කියනවා. ඩොක්ට මේ ෆොසිලයේ ස්කෑන් එක බලල බය වෙනවා. එයා Kyong ට කියනව ඉක්මනට මේ වැඩෙ නවත්තන්න කියල. මේ කරන්න යන දේ බොහොම භායනකයි කියලා.
එක පාරටම පොඩි පිපිරුමක් ඇතිවෙනවා අර ෆොසිලයේ. ඊට පස්සේ ඩොක්ර්ට Kyong එක්ක තිබ්බ සම්බන්දෙත් විසන්දිවෙලා යනවා. ඊට පස්සෙ තමයි අපි ඩොක්ට ගාවට යන්නේ. මෙතනදි ඩොක්ට කියනව එයාගෙ දුව Helena ඉන්නේ Kyong ගාව එයාව බේරගන්න කියල.ඒත් එක්කම අර ෆොසියලෙන් අමුත් තද එලියක් එනවා. Nomad ඒ කියන්නේ අපේ player ඇස් ඇරලා බලනකොට වටේ තියෙන හැමදෙයක්ම අයිස් වෙලා. ඒ විතරක් නෙවෙයි ඩොක්ට මැරිලා.
අපේ nano suit එක නිසා අපිබේරුනා. අපි අර පතලෙන් එලියට එනවා. ඒවෙනකොට Psycho ප්ලේන් එකක්කින් ඇවිල්ල අපිව ගන්න. අපි ප්ලෙන් එකෙන් නැගල යනවා US army එක ඉන්න තැනට. US army එක හදන්නේ මේ දුපත අල්ල ගන්න. නමුත් උ.කො army එක බලවත්. එයාල හොදටම පහර දෙනවා.
අපිත් උදව් කරනවා. අපි Kyong ඉන්න තැනට කොහොම හරි යනව. නමුත් අපිව එතනදි අහුවෙනවා. Kyong ඉන්නේත් අර ඩොක්ට හිටිය වගේම පතලක. එතන අමුතු යානයක් වගේ එකක් තියෙනව. Kyong හිතන්නේ ඒක power source එකක් කියල.
මේ නිසා එයා Helena ට කියලා මේක අරින්න තමයි හදන්නේ. අපිට සිහිය එනකොට Kyong ඉන්නවා. මෙතනදි Kyong වැඩියෙන කරන්ට් එක් දෙනවා මේ යානයට. එක පාරටම ඒක active වෙනවා. භුමිකම්පාවකුත් එනවා ඒත් එක්කම. අපි ඒ වෙලාවෙ එතන ඉන්න guards ලට ගහල පැනගෙන ඊට පස්සේ ගිහින් Kyong ට හොදටම නෙලනවා. දැන් මේ යනය ක්‍රියාත්මක වෙන්න යන්නේ. මේක ගොඩක් විශාලයි. මේ නිසා මේක ක්‍රියාත්මක වෙන හදනකොට මුලු දූපතම දෙදෙරනව.
අපි Helena එක්ක lift එකකින් පැනල යන්න හදනව. නමුත් lift එක මගදි හිරවෙනවා. මේ වෙලාවෙදි us army එකේ යානයක් ඇවිල්ලා Helena ව බේරගෙන යනවා. නමුත් අපිව බේරගන්න බැරිවෙනවා. Lift එක කඩාගෙන පල්ලේහාට වැටෙනවා.
මේ වෙනකොට අර කලින් ඇතිවුණ භුමිකම්පාව නිසා ඔක්කොම exists වැහිලා තියෙන්නේ. ඊට පස්සේ අපේ player අර යානය ඇතුලට යනවා. යානය ඇතුලෙති අපිට අමුතු පිටසක්වල ජිවින් වගයක් හම්බෙනවා. කොහොම හරි ඒගොල්ලන්ගෙනුත් බේරිලා යානයෙන් එලියට එනවා.
අපිව ගන්න අපේ යානය එනවත් එක්කම අපි එලියට අපු පිටසක්වල යානය ඇතුලේ ඉදන් තවත් අමුතු සත්තු වගයක් ඇවිල්ලා අපේ යානයට පහර දෙනවා. හ්ම්ම්.. මල් හතයි. ඊට පස්සේ ඉතින් අපි එතන ඉදන් පයින්ම යනව. මේ වෙනකොට එලියේ හැමදෙයක්ම අයිස් වෙලා. මොකද අර යානය ක්‍රියාත්මක වෙනවත් එක්කම අවට හැමදෙයක්ම අයිස් වෙනව නේ..
අපි යන මගදි අපේ army එකේ හිටපු soldiers ලා හම්බෙනවා. එයාල ඔක්කොමල සීතලට ගල් වෙලා. අපේ army එකේ ලොක්ක රේඩියෝ එකෙන් අපිට කියනව එයාල ඉන්න තැනට එන්න කියල. ඔන්න එතකොටම තව පිටසක් වල යානයක් ඇවිල්ලා අපිට පහර දෙන්නෙ හදනවා. ඒ යානේ අපිට වෙඩිතියාගෙන එනකොටම.. අපිට වෙඩි වදින්න ඔන්න මෙන්න තියෙදි ඒක විනාස වෙනව. Surprise!! ඒකට වෙඩි තිබ්බේ වෙන කවුරුත් නෙවෙයි.. Prophet..
ඊට පස්සේ අපි යනව අපේ army එකේ ලොක්කා කියපු තැනට. ඒ වෙනකොටත් එතනට පහර දෙනවා. අපි කොහොම හරි ප්ලේන් එකට නගිනවා. අපි ප්ලේන් එකෙන් කොහොම හරි US army base එකට යනවා. අපේ base එක ලොකු නැවක්. නැවෙදි අපිට Helena වයි Psycho වයි හම්බෙනවා.
නැවෙ කපිතාන්ගෙන් අපිට දැනගන්න ලැබෙනවා මේ දූපතට nuclear එකක් දාන්න යනව කියල. නමුත් Helena නම් මේකට ගොඩක් විරුද්ධවෙනවා. මොකද Helena කියනව එයාල කරන්නේ ශක්තිය උරාගන්න එක කියලා. Nuclear එකක් දැන්මොත් වෙන්නේ එයාල තවත් බලවත් වෙන එක විතරයි. නමුත් කපිතාන් ඒකට එකග වෙන්නේ නෑ. ඔය අතරතුරේදි Prophet ආපහු අර දූපතට යනව පිටසක්වලයින් එක්ක සටන් කරන්න. Prophet දූපතට ගියා වුනත් කපිතාන් nuclear missile එක දූපතට යවනවා.
ඒත් Helena කිව්ව වගේම ඒකෙන් වුණේ පිටසක්වළයෝ තවත් ශක්තිමත් වුන එක විතරයි. එයාලා ඊලග කෙලින්ම අපේ නැවට පහරදෙන්න ගන්නවා. මෙතනදි නැවේ හිටපු හැමෝම වගේ මැරෙනවා. නමුත් අපේ player, Helena, Psycho තුන්දෙනා මේ පිටසක්වළ යානා ඔක්කොමට පහර දීලා ප්ලේන් එකකින් නැවෙන් පැනගනවා. අපේ නැව වගේම පිටසක්වළ යාන ටිකත් ඔක්කොම මුහුදේ ගිලෙනවා. දැන් ඔයාලට මතක ඇතිනේ Prophet.. අපි යානයෙන් යන අතරතුරේදි Psycho කියනව Prophet ගේ රේඩියෝ සිග්නල් වැඩ කරනව කියල. ඒ කියන්නේ එයා ජීවත් වෙනවා. එතකොට Nomad කියනව එයා ආපහු දූපතට යනව කියල. ඒ වෙන මොකටවත් නෙවෙයි Prophet ව හොයාගන්න.
ඔන්න ඔතනින් Crysis 1 ගේම් එක ඉවර වෙනවා. ඊලග post එකෙන් Crysis 2 ගැන කතා කරමු.
මේ posts වල වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න අමතක කරන්නත් එපා.. ඒ වගේම ඔයාලගේ යෝජනා චෝදනා පල්ලෙහයින් comment එකක් විදියට කියල යන්න අමතක කරන්න එපා.. අපි කරගෙන යන වැඩේ හොදයි නම් අපේ Facebook page එකට එකකුත් දාන්න.ඔන්න තියෙනව link එක..
https://www.facebook.com/Game-Reader-955126177868353/
Gamereader-lk.blogspot.com All Rights Reserved...
මම මේ game එක ගැන දාන්න කියන්න හිටියෙ ඔය දාලා තියෙන්නෙ සුපිරියටම :D
ReplyDeleteThank you soo much
DeleteThankz dammata
ReplyDeleteAnytime machooo...
Deletehttps://saglamproxy.com
ReplyDeletemetin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
L35