Aita කියන්නේ Juno ගේ හස්බන්ඩා. මෙයා ඇවිල්ල හොද විද්‍යාඥ්ඥයෙක්. මෙයා තමයි Observatory එක හදන්නේ. Aita හදන මේ Observatory එක අරින්න පුලුවන් මෙයාට විතරයි. මතකයි නේ Assassin's Creed Black Flage එකෙ මේක ගැන කථාවෙනව. මෙයත් Juno වගේම මිනිස්සුන්ට කැමති නැති කෙනෙක්.
Juno |
Juno හුගක් කාලෙකට කලින්, ඒ කියන්නේ ISU ල සහ මිනිසුන් අතර තිබ්බ යුද්ධෙ කලේ පොඩි පරීක්ෂණයක් කරනවා. Juno හදනවා ඒගොල්ලන්ගේ ශරීරය මිනිස් ශරීරයක් එක්ක සම්බන්ධ කරන්න. තව සරල කරනවා නම් Precursor කෙනෙක් ගේ මනස වෙනත් මනුෂ්‍ය ශරීරයක් ඇතුලට දානව. මේ වැඩෙට Test sample එකක් විදිහට Juno යොදාගත්තේ එයාගේ හස්බන්ඩව. ඒ කියන්නෙ Aita ව. Juno, Aita ගේ මනස වෙන ශරීරයක දානව. නමුත් මොකක් හරි අවුලක් නිසා Aita ගේ මනස කඩාවැටෙන්න ගත්තා. එයාට මෙක නිසා ලොකූ වෙදනාවක් ආව.ඒ නිසා Aita එයාගේ wife ට කියනව එයාව මරල දාන්න කියල. මොකද එයාට ඒ වේදනාව දරාගන්න අමාරු වුණ නිසා. මේ නිසා Juno, Aita ව පපුවට පිහියකින් ඇනල මරනවා.
හැබැයි Juno, Aita ගේ මනුශ්‍ය ශරීරයේ DNA අරගෙන එයා වගේ තව ළමයි කෘතිමව හදනවා. මේගොල්ලන්ට තමයි SAGES කියල කියන්නේ. මේ sages ලාගේ මනස වෙනස. ඒ කියන්නේ sages ලා කියන්නේ Aita නෙවෙයි. හැබැයි Aita ගේ මතකයන් මේගොල්ලන්ට තියෙනවා. මේ sages ලා ඉතිං ඉපදෙනවා වයසට යනව මැරෙනවා.. ආයි ඉපදෙනව වයසට යනව මැරෙනව.. ආයි ඉපදෙනව..
මේ sages ලා ඉපදෙනකොටම Aitaගේ මතකයි නෑ හැබැයි ඒගොල්ලො ලොකු වෙන්න ලොකු වෙන්න තමයි හිමීට එකින් එක මතක් වෙන්නේ. Assassin's Creed game එක පුරාවටම අපිට මේ වෙනකොට දැකගන්න පුලුවන් sages ලා කීපදෙනෙක් ඉන්නවා. ඒ අය තමයි. Jacques de Molay, Thomas Kavanagh, Bortholomew Roberts, Francois Germain සහ John Standish.
John Standish |
Bartholomew Roberts |
Jacques de Molay |