Assassin's Creed ඊලග game එක තමයි Assassin's creed 2.
Desmond සහ Lucy, Abstergo එකෙන් පැනලා යනවා නේ. ඔය යන අතරතුරේ Abstergo එකේ ආරක්ෂකයින් එක්ක ගහගන්න Desmond ට සිද්ධ වෙනවා. නමුත් Desmond, Altair ගේ මතකයන් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා එයාට Animus එක හරහා fighting skills ඊබේටම ලැබෙනවා. ඒ නිසා Abstergo එකේ ආරක්ෂකයිනට Desmond අම්බානක නෙලනවා. කොහොම හරී Lucy සහ Desmond, Abstergo එකෙන් පැනලා යනවා. පස්සේ මේ දෙන්නා ගිහින් Lucy ගේ යාලුවෝ දෙන්නා හම්බෙනවා. මේ දෙන්නා තමයි Shaun Hastings සහ Rebecca Crane.
Lucy |
Rebecca Crane |
Shaun Hastings |
මේ Lucy ගේ කණ්ඩායම හදපු ඒගොල්ලන්ගෙනම Animus එකක් තියෙනව. Desmond කැමැත්තෙන්ම මේ Animus එකේ වාඩි වෙනවා. ඒ අනුව මේ පාර Animus එක හරහා Desmond සම්බන්ධ වෙන්නේ Ezio Auditore de Firenze ගේ මතකයන්ට. Ezio ජීවත් වෙන්නේ ඉතාලි පුනරුදසමයේ.
Ezio |
Ezio ගේ කථාව පටන් ගන්නේ එයාගේ තාත්තා ඇතුලු එයාගෙ පවුලේ අය බොහොම අසාධාරණ විදිහට එල්ලලා මරල දැමීමත් එක්ක. මේ විදිහට Ezio ගේ පවුලේ අයව මරලා දාන්නේ Templars ලා. තමන්ගේ පවුලේ අයව මරලා දැම්ම එකට පලිගන්න තමයි Ezio, Assassin කෙනෙක් වෙන්නේ. මේ game එකේදී අපිට ඓතිහාසික වශයෙන් වැදගත් චරිත කීපයක්ම හම්වෙනවා. (උදාහරණයක් විදිහට ගත්තොත් Leonardo da Vinci)
Ezio පලිගන්න පටන් ගන්නවා. Ezio ගේ අවසාන අරමුණ තමයි තමන්ගේ පවුලේ අයව ඝාතනය කරන්න මුලික වෙලා කටයුතු කරපු Borgia ව මරන එක. අවුරුදු ගානක්ම හුගදෙනෙක් මරමින් Ezio එයාගේ target එකට යනවා. Ezio, Borgia ව මරන්න එනකොට තමයි දැනගන්නේ Borgia ඒ වෙනකොට ඉතාලියේ පාප්(Pope) කියලා. ඔය අතරතුරේ දී Ezio ට දැනගන්න ලැබෙනවා Borgia ගාව Eden එකේ කෑලි දෙකක් තියෙනවා කියලා.(එක තමයි යශ්ටිය, අනික් එක තමයි apple එක). Ezio, Borgia ගාව තිබ්බ apple එක හොරකම් කරගන්නවා.
Rodrigo Borgia |
Apple |
යශ්ටිය |
Ezio ට Borgia ව මරන්න සැහෙන සටනක් කරන්න වෙනවා. මොකද Eden එකේ තව කෑල්ලක් Borgia ගාව තිබ්බ නිසා. කොහොම නමුත් ඉතිං Ezio අන්තිමේදි අමාරුවෙන් හරි Borgia ව පරද්දනවා. හැබැයි මරන්නෑ.
ඊට පස්සේ Borgia ගාව තිබ්බ යශ්ටියේ උදව්වෙන් Ezio දොරක් අරිනවා. ඒ දොරෙන් ඇතුලට ගියාම Ezio ට Minerva කියලා කෙනෙක් හම්බෙනවා. මෙයත් ඇවිල්ලා precursors ලාගෙන් එක්කේනෙක්. මෙතනදි Minerva, Desmond ට කථා කරනවා. හෝව්.... ඒක වෙන්න බැරි වැඩැක් නේ. මොකද Desmond ඉන්නේ Ezio ගේ මතකයන් ඇතුලේ. ඒතකොට ඇත්තටම එතන Desmond නෑ.
එහෙනම් Minerva කොහොමද Desmond ගැන දන්නේ..? ඇත්තටම එක precursors ලා Desmond තියපු message එකක්. Minerva , Desmond ට කියනවා precursors ලා තමයි මිනිස්සුන්ව මෙ ලෝකේට බිහි කලේ කියලා. නමුත් අවාසනාවන්ත් විදියට ඇතිවුණු ස්භාවික උපද්‍රවයක් නිසා precursors ලා සේරම මරුනා කියලත් කියනවා. Minerva , Desmond ට කියනවා Eden එකේ ඉතුරු කෑලි ටිකත් හොයාගන්න කියලා.
Minerva |
ඒත් එක්කම Abstergo එක Desmond ලා හැංගිලා හිටිය තැන හොයාගෙන එතනට පහර දෙනවා. නමුත් එතනිනුත් Desmond පැනගන්නවා. Assassin's Creed II මෙතනින් ඉවරයි..
Gamereader-lk.blogspot.com All Rights Reserved...
Elow! Digatama liyapan :)
ReplyDeleteThank you bro.. 😃���
DeletePATTA BRO...KEEP IT UP
ReplyDeleteThank you bro..
Delete