Sunday, December 20, 2015

Assassin's Creed - Movie
Nadeesha Koralage12:49 AM 11 comments


ඔන්න ඉතිං අද මම ඔයාලට අලුත්ම movie එකක් ගැන තොරතුරු අරන් අවා. අපි හැමෝම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසාවෙන් play කරපු game එකක් තමයි Assassin's Creed කියන්නේ. අද වෙනකොට අවංක කෙල්ලෙක් හොයාගන්න එකට වඩා අමාරුයි Assassin's Creed එක game එකක් හරි play කරපු නැති gamer කෙනෙක් හොයාගන්න එක. මේක කියවන ඔයත් එක Assassin's Creed එක game එකක් හරි play කරලා තියෙනවා නේ.

හැබැයි මම අද කථා කරන්න යන්නේ Assassin's Creed game එක ගැන නම් නෙවෙයි. Assassin's Creed movie එක ගැන

ඔව්.. ඔයා විතරක් නෙවෙයි, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ movie එක බලන්න. හැබැයි ඉතිං කොච්චර ආසවුණත් 2016 දෙසැම්බර් 21 වෙනකන් අපිට ඉවසන්න වෙනවා... මොකද movie එක release වෙන්නේ එදාට.(මට නම් එච්චර කල් ඉන්න බැරියෝ...)

මේ movie එකේ production team එක මාර මහන්සියක් ගන්නවා මේකේ රූගත කිරීම පුලුවන් තරම් රහසිගතවම කරන්න. ඇයි කිව්වාම ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙහෙම කථාවක්

"අපිට ඕන Assassin's Creed fans ලව surprise කරන්න"

බොරු කියන්න ඕනේ නෑ ඉතිං. මේක ගැන අහපු වෙලාවේ ඉදන්ම මම නම් surprise වෙලා ඉන්නේ. කොච්චර හොර රහසේ කරන්න හැදුවත් film එක හදන අතරතුරේ film location එකේ දී paparazzi ලා ගත්ත photos වගයක් මේ වෙනකොට කට්ටිය අතරේ බොහොම වේගෙන් පැතිරෙනවා.(මෙහෙම release වෙච්චි පිංතුර පල්ලේහාම ඇති. කියවගෙන යන්නකෝ.. එතකොට හම්බෙයි)

මේ movie එකේ locations විදිහට තෝරගෙන තියෙන්නේ Malta, London, Spain වගේ රටවල් සහ නගර.

මේ movie එකේ එක නිෂ්පාදකවරයෙක් ප්‍රංශ සගරාවකට කියල තියෙනවා මෙහෙම

"අපිට ගොඩක් වටින brand එකක් ( Assassin's Creed brand එක) තියෙනවා. අපිට ඕනේ මේ film එකත් Batman Begins, Blade Runner වගේ films වල module එකට හදන්න..."

අනුව අපිට හිතන්න පුලුවන් මේකේ තව movies, Assassin's Creed team එක ඉස්සරහට හදයි කියලා. මොනා වුණත් මේ movie එකෙන් Ubisoft එක ලොකු පිම්මක් පනින ලැස්තියි කියල නම් පේනවා.

  
Assassin's Creed movie එක අධ්‍යක්ෂණය කරන්නේ Justin Kurzel.
තිර රචනය- Scott Frank, Bill Collage, Adam Coope, Michel Lesslie.
ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Oscar සම්මානලාභි Michael Fassbender. ඊට අමතරව Marion Cotillard, Brendan Gleeson, Michel Kenneth කියන අයත් මේකට සම්බන්ධවෙලා කටයුතු කරනවා.
Justin Kurzel
Scott Frank
Michael Fassbender
Marion Cotillard
Assassin's Creed game එකේ කතාව බොහොම සරල ගත්තොත් නම් මේ වගේ,

Templar සහ Assassins කියලා දෙගොල්ලක් ඉන්නවා. Templar team එකට ඕනේ කොහොම හරි Eden එකේ කෑලි ටික එකතු කරලා එකේ තියෙන බලය එක නිදහස් කරලා බලය Templars ලා අරගෙන මුලු ලෝකෙම පාලනය ඒගොල්ලන්ගේ අතට ගන්නAssassins ලා පුලුවන් තරම් උත්සහ කරන්නේ මේ Eden එකේ කෑලි ටික Templar ගෙන් හංගලා තියන්න. මේ දෙගොල්ලෝ අතර යන එක එක වලි තමා games වලින් එලියට එන්නේ.





2016 දෙසැම්බර් 21 එන්න තියෙන film එකේ කථවා නම් දැනට ලැබිලා තියෙන ආරංචි අනුව නම් මේ වගේ...

"ප්‍රධාන චරිතය නිරූපනය කරන Michel Fassbender පණ පොවන්නේ Callcum Lynch කියන Assassin . තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්ක Lynch පුලුවන් වෙනවා එයාගෙ genetic memories unlock කරගන්න. ඊට පස්සේ Lynch පුලුවන් වෙනවා එයාගේ මුතුන් මිත්තන් කරපු කියපු දෙවල් ගැන අත්දකින්න. විදිහට කථාව යනවා 15 සියවසේ ස්පාඤ්ඤයේ ඉන්න Aguilar. Lynch කියන්නේ Aguilar ගේ පරම්පරාවේ කෙනෙක්. Aguilar ගේ memories වලින් Lynch හොයාගන්නවා එයා පැවත එන්නේ කාලේ අතිශය රහසිගත සංවිධානයක් වෙන Assassins ලගෙන් කියලා. Aguilar ගේ memories වලින් Lynch , Templar එක ගැන ලොකු දැනුමකුත් වගේම හැකියාවකුත් ලබා ගන්නවා වර්තමානයේ ඉන්න templars ලත් එක්ක fight කරන්න."


කොහොම වුණත් කවුරුත් දන්න කාරණයක් තමයි games මුල් 
කරගෙනෙ මීට කලින් release වුණ movies හුගක් අසාර්ථක වුණා
 කොහොම වුනත් අපි හැමෝම ප්රාර්ථනා කරමු Assassin's Creed movie එකට 2016 සාර්ථකම movies අතරට එකතු වෙන්න ලැබෙන්න කියලා.

මෙතනින් පල්ලෙහා තියෙන්නේ එක එක Locations වලදි ගත්ත පින්තූර. බලන්නකෝ..























































නිකන්ම article එක විතරක් බලල යන්න එපා ඉතින්. මේක ගැන ඔයාලගේ අදහස් පහලින් Comment කරන්නත් මතක තියාගන්න
(සැ:‍යු: Comment කිරීම සදහා sign up වීමට අවශ් නැත. Comment as Anonymous කියන එක අත තදින් ඔබා ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මා වෙත ලබා දීමට කාරුණික වන්න බොහොම ස්තුථියි.)


මේ වගේ තව article  එකකින් ආයි හම්බෙමු හොදේ..

Gamereader-lk.blogspot.com All Rights Reserved...
In Category : ,

11 comments: