Thursday, December 31, 2015

Upcoming Games 2016
Nadeesha Koralage5:52 PM 8 comments



"මේ ලබන්නා වු 2016 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී යන, ජරමර බරබර කරදර නැති සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ඔයාලා හැමෝටම.."


"මේ ලබන්නා වූ නව වසරේ දී PC කැඩුන අයගේ PC අලුත් කරගන්නත් PC upgrade කරන්න ආසවෙන් ඉන්න අයට තමන්ගේ PC එක තමන් සිතන ආකරයටම upgrade කරගැනීමටත් මේ අලුත් අවුරුද්දේ වාසනාව උදාවෙවා.. ඒ වගේම Xbox, PlayStation මිලට ගැනිමට සිටින සියලු දෙනාටමද ඒ අකාරයෙන්ම ඒවා මිලදි ගැනිම ට වාසනාව සැලසේවා."


ඔයාල දන්නව නේ 2016 කියන්නේ Game පිස්සන්ටයි Film පිස්සන්ටයි හොදම අවුරුදක්. මොකද 2016 දී තමා ලෝකේ ගොඩක දෙනෙක්ගේ කථා බහට ලක්වෙච්ච Movies වගේම Games release වෙන්නේ.


අද මම ඔයාලට අරන් එන්නේ 2016 දී නිකුත් වෙන්න තියෙන සුපිරි Game 16 ගැන විස්තර. බලන්නකෝ කොහොමද කියලා


1) HITMAN 6

Hitman කියන්නේ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක් ජනප්‍රිය game එකක් නේ. ඔන්න ඉතිං hitman game series එකේ අලුත්ම game එකක් 2016 මාර්තු 11 එනවලු. මෙච්චර කල් ආපු hitman games නම් ඉතිං සුපිරි නේ. මේ game එක අනික් games වලට වඩා හොද වෙයි. එක ගැන නම් කථා දෙකක් නැ ඉතිං.



2) Quantum Break

ඔන්න 2016 දී  play කරන හම්බෙන තවත් සුපිරි game එකක් තමයි මේ. Release වෙන්නෙ අප්‍රෙල 5. Quantum break TV series එකත් එක්කම යන game එකක් කියල තමා ආරංචි. හැබැයි හොදම ආරංචිය ඒක නෙවෙයි, මේ game එකේ creators ලාම තමයි හුගක්ම ප්‍රසිද්ධ වෙච්ච Maxpayne, Allan Wake කියන් games හදලත් තියෙන්නේ. එහෙනම් ඉතිං මේක ගැන අපිට ලොකු බලාපොරොතුවක් තියාගන්න පුලුවන් වෙයි.



3) Dishonored 2

සමහර අය නම් dishonored ගැන වැඩිය දන්නේ නැතුව ඇති. Dishonored 1 එච්චරම ලොකු හිට් එකක් වුණේ නෑ. ඒ වුණාට එක play කලා නම් ඔයා දකින්න ඇති එකේ story එක කොහොමද කියලා. Graphics එච්චරම නැති වුණාට එකේ කථාව නම් සුපිරි. 2016 දී සුපිරි story එකක් වගේම සුපිරි graphics එක්ක dishonored 2 එනවා.



4) DOOM

2016 දී release වෙන zombie type game එකක් තමයි මේ.



5) Uncharted 4 : A thief's life

ඔගොල්ලන්ට මතක ඇති මේ game එක release වෙන්න තිබුණේ 2015දි. ඒ වුණාට 2015 දී මෙ game එක release කරගනන් Sony එකට බැරි වුණා. එකට කමක් නෑ. ඔන්න Uncharted 4 2016 මර්තු 18 වෙනිදා release වෙනවා. Uncharted 3 ඇවිල්ලා අවුරුදු 3කට පස්සේ තමා Uncharted 4 එන්නේ.
විශ්‍රාම ගිය Nathan Dake එයාගේ සහොදරයා Sam ට උදව් කරන්න යනවා. ඒ වටා තමා මේ පාර uncharted 4 එකේ story එක යන්නේ. දුකට කාරණය කියන්නේ 2016 මාර්තු වල game එක release වෙන්නේ PS4 වලට විතරයි. PC වලට එන්න ටිකක් කල් යයි.



6) For Honor

මේ game එක release කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, Ubisoft එකෙන්. මේ game එකත් 2016 දී අපිට play කරන්න පුලුවන්. ඒ වුණත් මේක 2016 දීම release වෙයි කියල කියනන් අමාරුයි. ඒ වුණත් අපි ප්‍රාර්ථනා කරමු 2016 දීම එන්න කියලා. මේ game එකත් ටිකක් හරියට RYSE වගේ. කඩු දුනු හෙල්ල තමා. මොනා උනත් ඉතිං Ubisoft එකෙන් වැඩක් කලොත් සුපිරි නේ.



7) The Division.

Ubisoft එක 2016 දී release කරන තව්ත් game එකක් තමයි මේ. 2016 මාර්තු 8 වෙනිදා තමා මේක release කරන්නේ. මේ game එක play කරන්න ඔයා වගේම මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ.
ඇමරිකාවෙ Black Friday එක දවසේ ඉතාම දරුණු virus එකක් පැතිරිලා යනවා. මේ virus එක නිසා දවස් 5ක් ඇතුලත මුළු ඇමරිකාවම බිදවැටෙනවා. රට අවුල් වෙලා යනවා. ඔයාට මේ game එකේ play කරන්න හම්බෙන්නේ රහසිගත හමුදා කණ්ඩායමක agents ලා විදිහට. ඒ කණ්ඩායම තමයි The Division. මේ ගොල්ලන්ගේ task එක තමයි කඩා වැටෙන්න යන ඇමරිකානු සමාජය යලි යථා තත්වයට පත් කිරීම.



8) Tom Clancy's Ghost Recon Wild lands

මේ game එකත් ඉතිං අපේ Ubisoft ලගෙන්ම තමයි. මේක GTA V වගේ open world game එකක්. දෙයියනේ කියල 2016 දිත් කම්මැලි නැතුව ඉන්න පුලුවන් වගේ.



9) Horizon : Zero Dawn

මේ game එක develop කරලා තියෙන්නේ Guerilla games කියන සමාගම. මේ game එකේ විශේෂත්වය තමයි මේ game එකේ අපිට play කරන්න ලැබෙන්නේ female character එකක්. මේ game එකක් ටිකක් අමුතුම type එකේ game එකක්. මට එක කියන්න තෙරෙන්නෙ නම් නෑ. Trailer එක බලන්නකෝ. එතකොට හිතාගන්න පුලුවන්. මොනා වුණත් මේක නම් 2016 දි hit වෙයි කියලා මට හිතෙනවා.



10) MAFIA 3

2016 දී release වෙන තවත් සුපිරි ගනයේ game එකක් තමයි මේ. හුග දෙනෙක් මේ game එක නම් play කරල ඇති. ඔයා Mafia 1,2 play කරලා නැතන් Mafia 3 play කරන්න කලින් ඒ දෙක play කරල ඉන්න. මොකද mafia 1,2 වල කථාව තමයි මේ game එකේන් ඉස්සරහට යන්නේ.



11) Homefront: The Revolution.

Homefront game series එකේ දෙවෙනි game එක තමයි මේක. Homefront 1 එකේ සිද්ධ වුණ දෙවල් වෙලා අවුරුදු 2කට පස්සේ වෙන සිද්ධි තමා මේ game එකේන් විස්තර වෙන්නේ.



12) Dead Island 2

ඔයත් dead island 1 play කලා , ඔන්න 2016 දී ඔයාට පුලුවන් Dead island 1 play කරන්න. මේක dead island 1 එකට වඩා ගොඩක් හොදවෙයි අනිවාර්යයෙන්ම.



13) Far Cry Primal.

මේ game එක ගැන නම් හුගදෙන්නෙක් දැනටමත් දන්නවා ඇති Far Cry series එකේ 5 වෙනි game එක තමා මේක. මේකත් 2016 දී release වෙනවා. හැබැයි ඉතිං මේ game එක නම් අනික් far cry game වලට වඩා ගොඩක්ම වෙනස්. මොකද මේකෙ guns නෑ. කඩු, දුනු, ඊතල තමයි. එහෙමයි කියල දැන්ම කියන්න බෑ game එක චාටර්ද නැත්ද කියලා. Play කරලම බලන්න වෙනවා.



14) Deus Ex : Mankind Divided

 මේ game එක Deus Ex game series එකේ 5වෙනි game එක. මේ game series එකේ 4 වෙනි game එක, Deus Ex The fallen ආවේ 2013 දී. ඊට අවුරුදු 3කට පස්සේ තමයි මේ game එක release වෙන්නේ. මේ game series එකේත් පට්ටම story එකක් තියෙන්නේ. මේකේ story එකත් හරියට Metal Gear Solid වගේ. අපි බලමු  game එක කොයි වගේ වෙයිද කියලා.



15) Need For Speed.

NFS කිව්වාම ඉතිං නොදන්න කෙනෙක් නෑනේ. ඔන්න ඉතිං NFS අලුත්ම game එකක් 2016 දී එනවා. මේ game එකේ story එක යන්නේ Magnus Walker, Akira Nakai, Risky Devil, Ken Block සහ Shinichi Morohoshi කියන racers ලා අතරේ. කලින් NFS games වලට වඩා මේ game එක ගොඩක් advance හැම අතින්ම. මේ game එකත් හොද hit එකක් වෙයි කියල මට නම් හිතෙනවා.



16)Mass effect Andromeda

2016 දී Electronic Arts එකෙන් release කලරන අලුතම game එක තමයි මේ. මේ game එක mass effect game series එකේ 4වෙනි game එක. 2015 දී release කරන්න plan කරන තිබුණත් EA එකට මේක 2015 දී release කරගන්න බැරි වුණා. ඒකට කමක් නෑ. ලබන අවුරුද්දෙදි මේක ඔයාට play කරන්න chance එක තියෙනවා.



ඔන්න ඔය විදිහට තමා 2016 දී games release වෙන්නේ. මේ article එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. (සැ:යු කිරීම් සදහා වීමට sign up අවශ්‍ය නැත. Comment as Anonymous දෙන්න). 
එහෙනම් ලබන අවුරුද්දෙත් මේ වගේම Game ගැන Movies ගැන අලුත් Articles අරන් මම එනවා. ඔයලා හැමෝට සුභ අලුත් අවුරුදක් වෙවා! 

Gamereader-lk.blogspot.com All Rights Reserved...

Sunday, December 20, 2015

Assassin's Creed - Movie
Nadeesha Koralage12:49 AM 11 comments


ඔන්න ඉතිං අද මම ඔයාලට අලුත්ම movie එකක් ගැන තොරතුරු අරන් අවා. අපි හැමෝම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසාවෙන් play කරපු game එකක් තමයි Assassin's Creed කියන්නේ. අද වෙනකොට අවංක කෙල්ලෙක් හොයාගන්න එකට වඩා අමාරුයි Assassin's Creed එක game එකක් හරි play කරපු නැති gamer කෙනෙක් හොයාගන්න එක. මේක කියවන ඔයත් එක Assassin's Creed එක game එකක් හරි play කරලා තියෙනවා නේ.

හැබැයි මම අද කථා කරන්න යන්නේ Assassin's Creed game එක ගැන නම් නෙවෙයි. Assassin's Creed movie එක ගැන

ඔව්.. ඔයා විතරක් නෙවෙයි, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ movie එක බලන්න. හැබැයි ඉතිං කොච්චර ආසවුණත් 2016 දෙසැම්බර් 21 වෙනකන් අපිට ඉවසන්න වෙනවා... මොකද movie එක release වෙන්නේ එදාට.(මට නම් එච්චර කල් ඉන්න බැරියෝ...)

මේ movie එකේ production team එක මාර මහන්සියක් ගන්නවා මේකේ රූගත කිරීම පුලුවන් තරම් රහසිගතවම කරන්න. ඇයි කිව්වාම ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙහෙම කථාවක්

"අපිට ඕන Assassin's Creed fans ලව surprise කරන්න"

බොරු කියන්න ඕනේ නෑ ඉතිං. මේක ගැන අහපු වෙලාවේ ඉදන්ම මම නම් surprise වෙලා ඉන්නේ. කොච්චර හොර රහසේ කරන්න හැදුවත් film එක හදන අතරතුරේ film location එකේ දී paparazzi ලා ගත්ත photos වගයක් මේ වෙනකොට කට්ටිය අතරේ බොහොම වේගෙන් පැතිරෙනවා.(මෙහෙම release වෙච්චි පිංතුර පල්ලේහාම ඇති. කියවගෙන යන්නකෝ.. එතකොට හම්බෙයි)

මේ movie එකේ locations විදිහට තෝරගෙන තියෙන්නේ Malta, London, Spain වගේ රටවල් සහ නගර.

මේ movie එකේ එක නිෂ්පාදකවරයෙක් ප්‍රංශ සගරාවකට කියල තියෙනවා මෙහෙම

"අපිට ගොඩක් වටින brand එකක් ( Assassin's Creed brand එක) තියෙනවා. අපිට ඕනේ මේ film එකත් Batman Begins, Blade Runner වගේ films වල module එකට හදන්න..."

අනුව අපිට හිතන්න පුලුවන් මේකේ තව movies, Assassin's Creed team එක ඉස්සරහට හදයි කියලා. මොනා වුණත් මේ movie එකෙන් Ubisoft එක ලොකු පිම්මක් පනින ලැස්තියි කියල නම් පේනවා.

  
Assassin's Creed movie එක අධ්‍යක්ෂණය කරන්නේ Justin Kurzel.
තිර රචනය- Scott Frank, Bill Collage, Adam Coope, Michel Lesslie.
ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Oscar සම්මානලාභි Michael Fassbender. ඊට අමතරව Marion Cotillard, Brendan Gleeson, Michel Kenneth කියන අයත් මේකට සම්බන්ධවෙලා කටයුතු කරනවා.
Justin Kurzel
Scott Frank
Michael Fassbender
Marion Cotillard
Assassin's Creed game එකේ කතාව බොහොම සරල ගත්තොත් නම් මේ වගේ,

Templar සහ Assassins කියලා දෙගොල්ලක් ඉන්නවා. Templar team එකට ඕනේ කොහොම හරි Eden එකේ කෑලි ටික එකතු කරලා එකේ තියෙන බලය එක නිදහස් කරලා බලය Templars ලා අරගෙන මුලු ලෝකෙම පාලනය ඒගොල්ලන්ගේ අතට ගන්නAssassins ලා පුලුවන් තරම් උත්සහ කරන්නේ මේ Eden එකේ කෑලි ටික Templar ගෙන් හංගලා තියන්න. මේ දෙගොල්ලෝ අතර යන එක එක වලි තමා games වලින් එලියට එන්නේ.





2016 දෙසැම්බර් 21 එන්න තියෙන film එකේ කථවා නම් දැනට ලැබිලා තියෙන ආරංචි අනුව නම් මේ වගේ...

"ප්‍රධාන චරිතය නිරූපනය කරන Michel Fassbender පණ පොවන්නේ Callcum Lynch කියන Assassin . තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්ක Lynch පුලුවන් වෙනවා එයාගෙ genetic memories unlock කරගන්න. ඊට පස්සේ Lynch පුලුවන් වෙනවා එයාගේ මුතුන් මිත්තන් කරපු කියපු දෙවල් ගැන අත්දකින්න. විදිහට කථාව යනවා 15 සියවසේ ස්පාඤ්ඤයේ ඉන්න Aguilar. Lynch කියන්නේ Aguilar ගේ පරම්පරාවේ කෙනෙක්. Aguilar ගේ memories වලින් Lynch හොයාගන්නවා එයා පැවත එන්නේ කාලේ අතිශය රහසිගත සංවිධානයක් වෙන Assassins ලගෙන් කියලා. Aguilar ගේ memories වලින් Lynch , Templar එක ගැන ලොකු දැනුමකුත් වගේම හැකියාවකුත් ලබා ගන්නවා වර්තමානයේ ඉන්න templars ලත් එක්ක fight කරන්න."


කොහොම වුණත් කවුරුත් දන්න කාරණයක් තමයි games මුල් 
කරගෙනෙ මීට කලින් release වුණ movies හුගක් අසාර්ථක වුණා
 කොහොම වුනත් අපි හැමෝම ප්රාර්ථනා කරමු Assassin's Creed movie එකට 2016 සාර්ථකම movies අතරට එකතු වෙන්න ලැබෙන්න කියලා.

මෙතනින් පල්ලෙහා තියෙන්නේ එක එක Locations වලදි ගත්ත පින්තූර. බලන්නකෝ..























































නිකන්ම article එක විතරක් බලල යන්න එපා ඉතින්. මේක ගැන ඔයාලගේ අදහස් පහලින් Comment කරන්නත් මතක තියාගන්න
(සැ:‍යු: Comment කිරීම සදහා sign up වීමට අවශ් නැත. Comment as Anonymous කියන එක අත තදින් ඔබා ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මා වෙත ලබා දීමට කාරුණික වන්න බොහොම ස්තුථියි.)


මේ වගේ තව article  එකකින් ආයි හම්බෙමු හොදේ..

Gamereader-lk.blogspot.com All Rights Reserved...