Tuesday, December 15, 2015

Call of Duty Black Ops 3 - Part 1
Nadeesha Koralage1:18 PM 5 comments



What’s your name soldier?
I said what’s your name?
-TAYLOR-

හෝව් හෝව්...
මොකද්ද යකෝ  කිව්වේ..
WTF? 
අපෝ COD BO3 story එක නම් චාටර් අප්පා.

හුග දෙනෙකුට තෙරුනේ නැති ඊලග game එක තමයි Call of Duty Black Ops 3.

ඇත්තටම මෙකේ story එක අපි හිතන තරම් චාටර් නෑ තේරුනා නම්. 
ඇත්ත කථාව මටත් තෙරුනේ game එක ඉවර කලාට පස්සේ.

Treyarch developers ලා කියල තියෙනවා cod bo3 එකේ story එක හැංගිලා තියෙන්නේ අපි ලේසියෙන්ම ignore කරන කරුණු වල කියලා. 
ඔයත්  කරණු අතඇරලා game එක play කලා නම් ඉතිං sorry තමා. දැන් ඉතිං එකට කමක් නෑ. ඔන්න එහෙනම් බලන්නකෝ.
COD BO3 ඉවර කරපු අයට ප්‍රශ්න නම් කෝටි එකහමාරක් විතර තියෙ නවා.

1) හුගදෙනෙකුට තියෙන ගැටලුව
ඇයි අපේ Player අන්තිමට එයාගේ නම ඇහුවාම Taylor කියල කියන්නේ?
Ans: මොකද එයා ඇත්තටම Taylor නිසා. ඔව් එයා Taylor තමා. 
ඇයි සැකද? බොරු නෙවෙයි. කියවලා බලන්නකෝ.

2) Khalil  1st mission එකේදි mission එකේදි තමා බේරගන්නේ.
එතනදි Uprising එකක් ගැන කියනවා. හැබැයි Uprising එක 
වෙන්නේ ඊට පස්සේ.  කොහොමද?
Ans: simple නේ. Uprising එකෙන් පස්සේ තමා Khalil ව බේර ගන්නේ. නැත්තන් ඉතිං වෙන විදියක් නෑනේ.

3)Game එක පටන් ගන්නකොට මුලින්ම දින 1,2 කියල පටන් අරගෙන 
ඊට පස්සේ 0 වෙලා ආයි 1,2,3... කියලා යන්නේ ඇයි?
Ans: හ්ම්.. එක මෙත කිවොත් වැඩක් නෑ. මේක කියවලාම බලන්නකෝ.
Taylor
ඔන්න එහෙනම් අපි පටාන් ගන්නයි යන්නේ. කස්ටිය ඉතිං relax වෙලා හිතේ froze forest එකක් එහෙම මවාගෙන කියවන්නකෝ..

COD BO3 story එක හැංගිලා තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. අපි හැමෝම ගනන්වත් ගත්තේ නැති mission scrolling text එකේ. හැම mission එකක්ම පටන් ගන්න කලින් කළු 
background එකෙ සුදු පාට අකුරු ටිකක් බොහොම ඉක්මනට යනවා. ඊට පස්සේ වැදගත් අකුරු ටික highlight වෙනවා.

මෙන්න මේ වේගෙන් යන අකුරු ටික frame by frame ඔයාට බලන්න පුලුවන් උනා නම් ඔයා මෙක කියවන් නෑ දැන්. අපි හිතුවට මේ විදිහට යන්නේ mission summery එකක් කියලා, ඇත්තටම ඒක mission summery එකක් නෙවෙයි.  ඇවිල්ලා John Taylor ගේ personal journal එකේ කොටස්.   
Game එකේ 1st mission text එකේ කිය වෙන්නේ  මෙන්න මේ වගේ දෙයක්, 

"Hendricks  ගන්න ආපු helicopter එකට එයාලා ඉන්න තැනට එන්න බැරි වුණා. Hendricks ගේ team එක තාම field එකේ.එයාල පුලුවන් විදිහට NRC එකට පහර දුන්නා.නමුත් වැඩි වෙලාවක් යන් ඉස්සෙල්ලා NRC එකේ bipedal robots ලා එයාලව වට කලා. Hendricks ගේ team එකේ ගොඩක් අය මැරුණා. මේ විනාශයේ වගකීම මා සතුයි.
Hendricks මට කිව්වා වුණත් අනික් අයව බේර ගන්න යන්න කියලා, 
මට නොයා ඉන්නයි තිබුණේ. මට Hendricks එකක් ඉන්න තිබුණා."

මෙක කියෙව්වාම නම් අපිට හිතෙනවා Taylor කියන්නේ නරක 
කෙනෙක් නෙවෙයි කියලා. මොකද Hendricks කරපු වැරද්දත් එයා භරගන්නවා.
Hendricks
ඊට පස්සේ මේ text එකේ තවදුරටත් මෙහෙම තියෙනවා.

"Hendricks ගේ team එකේ බේරුණ එකම කෙනා Zurich facility එකට ගෙනිච්චා. එහෙදි එයාව emergency lifesaving procedure එකට දැන්මා. එයා stabilize වුණාට පස්සේ තිරණය කලා එයාව cyber ops program එකට දාන්න. එයාට DNI එකක් හයි කලා. එයාට අතපය බද්ධ කරන සැත්කම කරන්න කලින් මම මගෙ DNI එක හරහා එයත් එක්ක සම්බන්ද වෙලා එයාව Train කලා. මේ surgery එක සාර්ථක වෙන්න ඕන. ඒත් ආවසනාවන්ත විදිහට 
මේගොල්ලෝ මිය ගියා."
  
(එයා කිව්වේ අපි. Player. අන්තිමට මෙගොල්ලො කියල බහු  වචනයෙන් කිව්වේ player සහ Hendricks මතක ඇතිනෙ1st mission එකේ අපිට සැපට හම්බෙනවා. ඒ වගේම මතකද Hendricks මේකට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.)

හොව් හොව්..player යි Hendricks යි දෙන්නම මැරුනා නම් කවුද 
බොලව් දැන් ඉස්සරහට game එකේ ඉන්නේ?

Hendricks කොලුවා 1st mission එකේදිම මලා නම් කාවද අපි අර අන්තිමට වෙඩි තියලා මරන්නේ?

හරි කලබල වෙන්න එපා.Relax වෙන්න. දැන් අපි හිමීට ආපහු එමු. 
එක එක ප්‍රශ්නේ අරන් බලමු. ලේසි එකේ ඉදන් අමාරු එකට යමු.
Game එකේ දින වැරදියට තියෙන්නේ ඇයි?

ඔයා game එක play කලා නම් දකින්න ඇති game එකේ දින වල අවුලක් තිබ්බා. 1st mission එක day 1, 2nd mission එක day 2, 3rd mission එක day 0, ඊට පස්සේ අයි පිලිවෙලට Day 1,2,3 කියලා යනවා. ඇත්තටම එක Treyarch එකේ පොඩි printing mistake එකක්ද?

පිස්සි හැදෙයි. නැ නැ.

මෙහෙම හිතන්නකෝ. 1st, 2nd mission වල සිදවුණ දෙවල් වෙන්න කලින්  නම් 3rd,4th,5th...missions වල ඒවා සිද්ධ වුණේ?
එහෙනම් එහෙම දින දාන එක අවුලක් නෑ. තේරුන් නෑනේ? 
හරි.. ඉවසන්න දරුව.. පොඩ්ඩක් ඉතුරි ටිකත් කියවන්නක්කෝ.

පොඩ්ඩකට අපි අන්තිම එකට කලින් mission එකට යමු. (Lotus tower) මේ mission එක යන්නේ Cairo වල. එහෙදි තමා Hendricksටයි 
player ටයි Khalil  හම්බෙන්නේ. Khalil තමයි Cairo uprising එකේ leader. නැතන් කියමුකෝ Khalil තමා Cairo uprising 
එකේ hero කියලා.Mission එක මැදදි Rachel අපිට කියනවා Khalil ව NRC එකෙන් අල්ල ගත්තා කියලා.

දැන් එන්න 1st mission එකට. 1st mission එකේදි අපි Egypt Minister  බේරගන්න NRC එකට ගියාම එයා මොකද කියන්නේ? Khalil ලුත් මෙහෙ ඉන්නවා, එයාවත් බේර ගන්න ඕන කියලා. 
එයා තමයි uprising එකෙ hero කියලා. දැන් හරි නේ? 
1st /2nd mission වල වු දේවල් වුණේ අන්තිමට. 
ඊට පස්සේ වුණ දෙවල් වුණේ කලින්.
Rachel Kane
Khalil
දැන් මෙතනදී තව ගැටලුවක් එනවා. 1st mission එකේදී මේ uprising ථාව Hendricks Taylor කියනවා. දැන් මගෙ ගැටලුව තමා Taylor කොහොමද Khalil  දන්නේ? 
මොකද Campaign එක පුරාවටම Khalil ඉන්නේ අපිත් එක්ක. 
 කියන්නේ Hendricks සහ player එක්ක.

එතකොට Taylor Hendricks දෙන්නා මැරුන් නැද්ද
මැරුන නම් කොහොමද මේ දෙන්නා ආයි first mission එකේ එන්නේ
හ්ම් එකක් ඉවර වෙන කොට තව එකක්.

අපි දැන් 2nd mission එකේ text එකයි safe  vault එකයි පොඩ්ඩක් 
බලමුමම මේ දෙකේම තියෙන විස්තර වල summery එක කියන්නම්.

මුල්ම කාලේ Taylor වැඩ කරල තියෙන්නේ Hendricks යටතේ. Taylor  පුරුදු කරන්නේත් Hendricksමේ දෙන්නාගේ මුල්ම team 
එකේ මේ දෙන්නත් එක්ක 6 හිටියා
මේ team එකට කිව්වේ black ops squad කියලාමේ 6 දෙනා තමයි,
1. John Taylor
2. Hendricks
3. Stone D
4. Ramirez J
5. Conrad A
6. Joseph.
(මතක තියාගන්න මේ කිසිම දෙයක අඩුම ගානේ image එකක්වත් නෑ)

මේ team එකේ ලොක්කා තමා Hendricks. (පටල ගන්න එපා මේ ඇවිල්ලා Diaz, hall ඉන්න team එක නෙවෙයි
ඊටත් කලින් team එකක්.)

දැන් කට්ටිය බලනවා ඇති මෙහෙම නම් කොහෙද තිබ්බේ කියලාඔව්
ඇත්තමේ නම් game එකේදි අපිට කොහෙවත් ඇහුන් නෑහැබැයි ඔයා 
safe house එකේ තියෙන data vault එකට ගියා නම් ඔයාට ඔය කියන 
ඔක්කොම නම් ටික බලාගන්න පුලුවන්මේක තමා Taylor ගේ පළවෙනිම team එක.
Data Vault
ඔන්න කට්ටිය දැන් seat belt තද කරගන්නලිස්සන වංගුව 
ඉදිරියෙන්.
අපි Game එක පුරාවටම play කරන්නේ Taylor ගේ memories. 3rd mission එකේ ඉදන් Taylor ගේ story එක තමා අපි play 
කරන්නේ
මට හිතෙන විදිහට මෙහෙම වෙන්නේ අපේ player මැරෙන්න කලින් එයත් එක්ක John Taylor connect වෙලා හිටිය නිසා වෙන්න ඕනේ.

අපේ playerයි Hendricks කියන දෙන්නම 2nd mission එකේදි 
මැරෙනවාකාලානුරූපීව ගත්තා නම් කථාව අන්තිමට. Campaign එක පුරාවටම අපි play කරන්නේ මෙන්න මේ 
2 mix එකක්.

1) John Taylor ගේ memories.
2) Corvus ගේ simulation එක.

ඔයා තමයි John Taylor.  ඊට අමතරව, ඒ කියන්නේ John Taylor ගේ memories වලට අමතරව Corvus ගේ simulation එකකුත් මේකටම add කරනවා. එතකොට නිකන් මේ වගේ. අපි John Taylor ගේ story එක play කරනවා. Corvus හිටපු ගමන් අවිල්ලා මැදින් එයාගේ add කෑලි දානවා. එතකොට අපිට පේනවා මෙකෙ story line දෙකක් යනවා. 
Corvus
අපි ඉස්සෙල්ලාම John Taylor ගේ story line එක ගැන කථා කරල ඉමු. John Taylor යි එයාගේ team එකයි යවනවා mission එකකට. මේ mission එල තමයි කෝච්චියක තියෙන explosives වගයක් හොයාගෙන ඒවා නිෂ්ක්‍රීය කරලා දාන එක. හැබැයි මේගොල්ලන් ගේ මේ task එක ඉවර කරන්න මේගොල්ලන්ට බැරි වෙනවා. බොම්බේ පුපුරලා මේගොල්ලො බොහොම දරුණු විදිහට තුවාල වෙනවා.(අපි training එකේදී play කරන්නේ John Taylor ගේ team එක fail වෙච්ච mission එක) 

(Hendricks යන්නේ නෑ මේ mission එකට)

මේගොල්ලන්ව CIA Base එකට ගෙනවට පස්සේ මේගොල්ලන්ටත් DNI හයි කරනවා. ඊට පස්සේ කැඩුණු අතපය වෙනුවට Machines හයි කරනවා.

මේක වෙලා අවුරුදු කීපයකට පස්සේ Taylor ගේ team එකේ . Stone, Ramirez, Conrad , Joseph කියන අයව යවනවා Coalescence facility එකට ඒක ගැන investigation එකක් කරන්න. මේකට Taylor යන්නේ නෑ. Coalescence facility එකේ තියෙන රහස් මේගොල්ලෝ දැන ගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය මේ තොරතුරු CIA එකට අරන් එන්නේ නැතුව පැනලා යනවා. 

Stone ගේ squad එක Coalescence facility investigation එකට ගියාම එතනදි මේගොල්ලෝ දැනගන්නවා CIA එක NOVA 6 සහ DNI කියන ඒවා සාමානය මිනිස්සූ යොදාගෙන කරනවා කියලා. (ඒ කියන්නේ යුද්ධෙන් තුවාල වෙච්චි අය නෙවෙයි.)

සිංගප්පුරුවේ 300 000 කට වඩා මැරෙන්නත් මේවා හේතු වුණා කියලා. ඒවගේම DNI එකයි NOV6 එකයි අතරේ සම්බන්ධයත් මේගොල්ලෝ හොයාගන්නවා. මේවගෙ ඇත්ත විස්තර දැනගත්තාම Stone ගේ squad එකේ අයට ගොඩක් කලකිරෙනවා. CIA එක මේ කරපු මහා මිනි මැරුම ගැන ලෝකෙට හෙලි කරන්න ඕන කියල මේගොල්ලෝ හිතනවා. ඒකයි මේ කට්ටිය ඒ තොරතුරුත් අරගෙන පැනලා යන්නේ.

මේගොල්ලන්ට මොකද වුණේ කියල හොයන්න CIA එකෙන් Taylor වයි Hendricks වයි යවනවා Coalescence facility එකට. (3rd mission එක පටන් ගන්නේ මෙතනින්.)

Hendricks Taylor එක්ක mission එකේ යන කොට තමා Rachel හම්බෙන්නේ. Rachel කියන්නෙත් CIA agent කෙනෙක්. Rachel මේ දෙන්නට උදව් කරනවා. Rachel ගේ safe house එකට Immortals පහර දුන්නට පස්සේ Rachel ගිහින් හැංගෙනවා. Immortals ලා Rachel ගෙ පස්සෙන් පන්නනවා.Taylor Rachel ට කැමැත්තෙන් හිටිය නිසා Hendricks විරුද්ධ වෙදිත් ගිහින් Rachel  බේරගන්නවා. ඊට පස්සෙ ඉතිං මේ දෙන්නා relationship එක පටන් ගන්නවා. 

දැන් Taylor යි Hendricks යි Stone ලගේ squad එක පස්සෙන් යනවා stone ව නවත්තන්න. හැබැයි තාම Taylor මේක ගැන ඇත්ත නැත්ත දන්නෑ. කොහොම හරි Taylor යි Hendricks යි එකතු වෙලා stone ගෙ squad එකේ එක එක්කේනා මරනවා. Stone විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. Stone Egypt වලට පැනලා යනවා.එහෙම ගිහින් Egypt වල NRC group එකත් එක්ක deal එකක් දානවා. ඒ තමයි Stone Egypt අල්ලගන්න NRC එකට උදව් කරනවා. NRC එක Stone ට උදව් කරනවා CIA එක කරපු බලු වැඩ ගැන මුළු ලෝකෙටම කියන්න.
කොහොම වුණත් Taylor යි Hendricks යි Stone ගේ පස්සෙන්ම එනවා. NRC එකට EGYPT අල්ලගන්න බැරිවෙනවා. මොකද Khalil ගේ Team එක uprising  එකක් plan කරලා NRC ලට විරුද්ධව පහර දෙනවා. Stone ගේ ඔක්කොම plans අවුල් යනවා. කරන්නම දෙයක් නැති තැන Stone යනවා lotus tower එකට. ගිහිල්ලා එයගේ අන්තිම මොහොත එනකන් බලන් ඉන්නවා. (මේ හරියෙදි තමා khalil ව NRC එකේ අය අල්ලගන්නේ.) Taylor යි Hendricks යි Stone ගේ පස්සෙන් යනකොට කොහොම හරි Taylor ට Hendricks ව මග ඇරෙනවා. 

(Taylor ට ආයි Hendricks ව හම්බෙන්නේ 1st mission එකේදී) 
ඊට පස්සේ Taylor තනියම lotus tower එකට යනවා Stone ව නවත්තන්න. එතනදී Stone Taylor ට එයා හොයාගත්ත හැම දේම ගැන කියනවා. සිංගප්පුරු Disaster එක ගැන DNI NOVA6, මේ හැමදේම කියනවා. හැබැයි Stone ට හොයාගන්න බැරිවෙනවා මේ DNI හදන එකේ අරමුණ මොකද්ද කියන එක. Stone Taylorට කියනවා ඒක හොයාගන්න නම් Zurich Facility එකට යන්න කියලා ඊට පස්සේ Stone suicide කරගන්නවා.

මෙතනදි Taylor වත් injured වෙනවා.( Taylor ගේ අත තුවාල වෙනවා)

Taylor injured වුණ නිසා එයාව ආයි CIA base hospital එකට අරන් ඇවිල්ලා බෙහෙත් කරනවා. Hospital එකේදි Taylor Rachel ට කියනවා එයා Zurich Facility එකට යනවා Stone කියපු කථාවෙ ඇත්ත නැත්ත හොයාගන්න කියලා. එතනදි  Rachel කියනවා Taylor ට යන්න එපා කියලා. මොකද Rachel ඒ වෙනකොටත් ඇත්තටම එතන මොකද වුණේ කියල දැනගෙන හිටියා. Rachel Taylor ට කියනවා එයා දැනගෙන හිටියා කියලා. ඒ වගේම Taylorට කියනවා Taylor ගියොත් ඒ දෙන්නගේ relationship එකත් ඉවරයි කියලා. Rachel මෙහෙම කියන්නේ Taylor ත් ඇත්ත දැනගත්තාම Stone වගේ වෙයි කියලා බයට. නමුත් Taylor Rachel කියන දේ අහන් නෑ. එක නිසා Rachel එයාගෙ බෙල්ලේ ත්බ්බ scarf එක වගේ එක ගලවලා Taylor ගේ ඇද ලග තිබ්බ මේසෙ උඩින් තියලා එයා යන්න යනවා.
අපි දැක්කා අන්‍තිම ම mission එකේදී Hendricks හෙන පිස්සුවක් නටනවා. ඒව එකක් වත් ඇත්තටම වුණ දෙවල් නෙවෙයි. ඇත්තම කියනවා නම් Rachel මැරුනෙත් නෑ. මුල්ම mission එකෙදි Hendricks Taylor ව හම්බුනාම Rachel ගැන ඇහුවාම Taylor කිව්වේ ඒක හරි ගියේ නෑ කියල විතරයී. එයා කිව්වේ නෑ Rachel මැරුනා කියලා. ඉතිං මේ Hendricks පිස්සු නටන එකයි Rachel මැරෙන එකයි Corvus දාන extra add කෑලි. මේ එකක්වත් ඇත්තටම වුණේ නෑ. 

Taylor ට හොද වුණාට පස්සේ එයා Zurich එකට fake terrorist attack එකක් plan කරලා පහර දෙනවා. එයා මෙහෙම කරන්නේ Zurich එක ඇතුලේ ඉන්න soldiers ලා එලියට ගන්න. ඊට පස්සේ Taylor ගිහින් DNI project එක කරපු Sebastian Kruger ව හම්බෙනවා.Sebastian Kruger හම්බෙලා Taylor එයාගෙ ගැටලු ඔක්කෝම විසද ගන්නවා.
Sebastian Kruger
Sebastian Kruger කියනවා ඇත්තම කථාව.

NOVA 5 කියන්නේ DNI project එල නිකන් හරි වැරදුනා නම් එක විනාශ කරල්ල දාන්න හදපු එකක් කියලා. ඒවගේම දැන ගන්නවා Singapore attack එක හිතල කරපු එකක, එහෙම කලේ මේ DNI project එක ගැනම ඒ අවට ඉන්න අයට leak වෙන්න ගත්ත නිසා කියලා. ඒ නිසා තමයි හිතාමතාම 300 000 වඩා වැඩි ප්‍රමාණයක් මැරුවෙත් කියලා.

Sebastian Kruger Taylor ට මේ DNI project එකේ අරමුණ ගැන කියනවා. මේකෙ අරමුණ වුනේ කවදා හරී හැම මිනිහෙක්ගෙම ඇගේ DNI හයි කරන්න. එහෙම කලාම CIA එකට පුලුවන් හැම කෙනෙක්වම Control කරන්න. වෙන හැමදයක්ම බලාගන්නත් පුලුවන්. එතකොට රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන් කියලා CIA එක හිතනවා. හැබැයි මේ වැඩෙන් පෞද්ගලිකත්වය කියන එක බල්ලට යනව bro.

Taylor ට ගොඩක් කලකිරෙනවා මේවා ගැන. එයා Sebastian Kruger ව මරන් නෑ. අවුල් සහගත මනසකුත් එක්ක එලියට එනවා. දැන් ඒ වෙනකොට එලියේ Taylor plan කරපු Fake attack එක යනවා. එලියට ආවාම එතන ඉන්න Soldier අහනවා Taylor ගෙන්

What’s your name soldier?
I said what’s your name?
-TAYLOR-


Taylor තිරණය කරනවා නිහඩව ඉන්න. Taylor කාලයක් field එකෙන් ඈත් වෙලා ඉන්නවා. ආපහු Taylor අවාම Sebastian Kruger වයි Rachel වයි ගිහින් හම්බෙලා කියනවා එය නිහඩව ඉන්න පොරොන්දුවෙනවා කියලා. මේ නිසා Taylor ට ගොඩක් උසස් වීම් හම්බෙනවා. Hendricks ට ඉතිං මේවා මුකුත් නෑ. ඇයි ඉතිං පොර මේ කිසිම දෙයක් දන් නෑනේ. Taylor ආපහු ආවට පස්සේ තමයි එයාට Diaz,Hall,Sara ඉන්න team එක දෙන්නේ.

ඊට පස්සෙ තමයි Egypt Minister ව බේරගන්න Taylor ගේ අලුත් team එක යවන්නේ. එතනදි ඒ mission එකට Hendricks සම්බන්ධ වෙනවා. Hendricks තනියම නෙවෙයි එන්නේ. අපේ player ත් එක්ක තමා එන්නේ.

මෙතනින් පලවෙනි story line එක ඉවර වෙනවා  කියන්නේ John 
Taylor ගේ story එකඊට පස්සේ කථා කරමු Corvus story එක ගැන.
මේ article එකේම නෙවෙයි ඊලග එකේ හොදේ. මොකද ඉතිං මෙව්වා 
ලියන එක සෙල්ලම් වැඩකුත් නෙවෙයි නේ. හැබැයි දැන් නම් 
කට්ටියට තේරෙනවා ඇති කියලා හිතනවා game එකේ මොකද වුණේ 
කියලා. 
තව මොනා හරි ගැටලු තියෙනවා නම් බය වෙන්න එපා. ඊලග article 
එක කියෙව්වාම ඒවත් විසදෙයි. මොනා හරි ප්රශ්න තියෙනවා නම් ඒව 
පල්ලේහා comments වල දාන්න අමතක කරන්නත් එපා.ඒ වගෙම හොද නරක, වැරදි අඩුපාඩු තියෙනව නම් ඒ වත් කියන්න අමතක කරන්න එපා.

ඊලග article එකෙන් හම්බෙමු.

5 comments:

  1. pattai .. Habai game eke grapics AW taram na A wage gathi na ...

    ReplyDelete
    Replies
    1. eka nam atha bro.. AW eke graphics thama supirima..

      Delete
  2. Patta machan... Good job keep it up

    ReplyDelete
  3. danui therune eth hariyata na. ilaga article ekenut balamuko
    Mission eken Mission ekata wena storya dama nam therei

    ReplyDelete