STOP
ඔයා මුලින්ම මේකෙන් පටන් ගන්න නම් එපා. මොකද මේ ඇවිල්ලා 5 වෙනි Post එක.අනික් Post ටිකත් කියෙව්වොත් විතරයි මේක තෙරෙන්නේ. ඒක නිසා ඒ ටික කියවලා ඉමු නේද? ඔන්න පස්සේ කිව්වේ නෑ කියන්න එපා.
5)Metal Gear Solid V : Phantom Pain.
Blast එක ගැන ආරංචි වෙච්ච ocelot යනවා boss ට උදව් කරන්න. Ocelot bossව වගේම millerවත් ආරක්ෂිත hospital එකකට අරන් යනවා. Zero ට වත් skull face ට වත් හොයගන්න බැරි වෙන තැනකට.
Ocelot සහ miller මෙතනදි අමුතුම හැබැයි හිතා ගන්නවත් බැරි වැඩක් කරනවා.
මතකද අර paz ගේ ඇග ඇතුලේ තිබුණ බෝම්බේ අයින් කරපු medic? එයාටත් මේ blast එක නිසා coma එකක් ඇතිවෙනවා. ඒ වගෙම ඇහැකුයි වම් අතයි නැති වෙනවා.ඒ විතරක් නෙවෙයි ඔලුවේ යකඩ කෑල්ලකුත් හිර වෙනවා(මේක අයින් කලොත් මැරෙනවා).
Ocelot සහ miller එකතු වෙලා මේ medic ට brain wash එකක් කරනවා. ඒ වගේම plastic surgery එකක් කරලා එයාගේ මූණ bossගේ මූණ හදනවා. (Game එක පටන්ගද්දී මතකද avatar එක design කරන්න ඔයාට හම්බෙනවා. අන්න ඒ ඇවිල්ලා medic ගේ ඇත්ත පෙනුම. ඒක ඉතිං තමන්ට කැමති විදියකට හදාගන්න පුලුවන්. ඒ වගෙම හොදට බැලුවොත් පෙනෙයි boss ගෙයි medic ගෙයි voice ටිකක් එකම වගේ.)
දැන් එතකොට boss ලා දෙන්නයි. ඇතතම boss, medic boss. මෙයාට තමා venom snake කියන්නේ.
මෙතනින් තමා phantom pain පටන් ගන්නේ.
Venom Snake අවුරුදු 9කට පස්සේ coma එකෙන් නැගිටිනවා.(Phantom Painපටන් ගන්නේ මෙතනින්) Ocelot ලගේ වැඩේ සාර්ථකයි. මොකද venom snake හිතනවා එයා තමා boss කියලා.
එතකොට කෝ ඇත්ත
boss?
Ishmael(Big Boss) |
හරියට හරී ඔය ඉන්නේ
boss. Original snake.(Venom Snake ඇහුවාම Boss ගෙන් එයා කවුද කියලා,
Boss කියනේ Ishmael කියලා)
Skull face boss ඉන්න තැන දැන ගෙන quite ව එවනවා boss ව මරන්න. කවුරුත් දන්නෑ මේ Venom Snake ගැන. කොහොම හරි boss උදව් කරනවා Venom Snakeට hospital එකෙන් පැනලා යන්න. මේ දෙන්නා පැනලා යන Van එක හැපෙනවා. Venom Snakeට සිහිය නැති වෙනවා. Boss ඒ වෙලාවේ එතනින් පැනගන්නවා Venom Snake ව එතනම තියලා.
ඒ යනකොට තමා ocelot van එක ලගට එන්නේ. Ocelotට Venom Snake ව භාරදීල boss යනවා bike එකේ නැගලා. මෙතනින් පස්සේ boss silence වෙනවා. Boss ගිහින් outer heaven කියල අලුත් සංවිධානයක් හදනවා patriots ලට වගේම major zero ටත් ගහන්න.
හැබැයි Venom
Snake නිසා bossට වැඩේ බොහොම ලේසි වෙනවා. මොකද දැන් හැමෝම හිතන්නේ Venom Snake ඇත්ත boss කියලා. (මේකේ ඇත්ත දන්නේ ocelot සහ miller විතරයි.) හැමෝම plans හදන්නේ Venom Snake ව අල්ලගන්න. (Miller ව බේරගන්න mission එකත් pre-planed කරපු එකක්. Miller හිතලමයි ඒ වැඩේ කරන්නේ) ඔන්න ඉතිං අපේ Venom Snake වැඩ පටන් ගන්නවා. අලුත් mother base එකක් එහෙම හදලා Diamond
Dogs කියල නම හදාගෙන skull face ගෙන් පලිගන්න ලැස්ති වෙනවා. Phantom pain කථාව යනකොට
boss ඉන්නේ outer heaven එකේ වැඩ වල.
Boss හිටියේ නැති අවු:3ට Skull face මාර ගේමක් ගහනවා.
Quiteව හදනවා. ඊට පස්සේ huey emmeric ව පැහැර ගෙන එයාගෙම metal gear එකක් හදනවා. ඒක තමා sahelanthropus කියන්නේ. ඒ විතරක් නෙවෙයි code talkerට කියල බලෙන්ම vocal
parasite කියලා virus එකකුත් හදා ගන්නවා. (මේ virus එක, programe කරලා තියෙන භාෂාව කතා කරන ඕනම කෙනෙකුට වැලදෙනවා) major zero මේ virus එක ගැන දැන ගත්තට පස්සසේ skull face ගේ වැඩ වලට ඇගිලි ගහනවා. මේකට skull face ට කේන්ති ගිහින් major zero ඒ කියන්නේ cipherට පාර්සලයක් යනවනවා. හැබැයි එහෙම යවන්නේ virus එකක්. මේක නිසා zero අසනීප වෙනවා.
Venom Snake millerව හොයාගෙන නිදහස් කරගන්නවා.
මේ game එක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. Play කරලම බලන්නකෝ.
දැන් ඉතිං කට්ටිය බලන් ඉන්නවා නම් ඊලග Metal Gear Solid game එක එනකන්, කියන්න තියෙන්නේ ඉතින් ඒක දැනටමත් release කරලා තියෙන්නේ. මම මුලින් කිව්වා මතකද මේ game series එක games release කරලා තියෙන්නේ කථාව පිලිවලට නෙවෙයි කියලා. ඊලග game එකේ මොකද වෙන්නේ කියල දැන ගන්න කැමති නම් option දෙකක් තියෙනවා. එක්කෝ ඒ game එක play කරන්න ඕනි. නැතන් ඉතිං ඊලග post එක බලන්න ඕනේ. මොකද කියන්නේ?
හැබැයි මම නම් හිතන් නෑ ඕගොල්ලෝ පලවෙනි option එකට කැමති වෙයි කියලා. මොකද ඊලග game එක release කරලා තියෙන්නේ 1987දී. ඉතිං graphics ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
0 comments
Post a Comment