අද මම ඕගොල්ලන්ට අරන් ආවේ METAL GEAR SOLID කථාවේ 7වෙනි post එක. දැනටමත් ඕගොල්ලන්ට කථාව ටැපලිලා නැතුව ඇති කියලා මම හිතනවා. මේ කථාව සම්බන්දයෙන් ඔයාට තියෙන ඕනෑම ගැටලුවක් comments වල දාන්න පුලුවන්. ඒ හැම ප්‍රශ්නයක්ම මට පුලුවන් විදිහට නිරාකරණය කරලා දෙන්න මම උපරීම උත්සහයක් ගන්නවා.
මේ post කිසිම එකක මම මේ සිදිධි සිදු වුණ අවුරුදු ගැන සදහන් කරේ නෑ. මොකද එහෙම කලා නම් අච්චාරුවක් වෙන නිසා. හැබැයි මතක තියාගන්න මේ හැම සිද්ධියක්ම සිද්ධ වෙලා තියෙන්නේ 1964-2014 කියන කාල වලදි. (මේ ඇවිල්ලා game එකේ අවුරුදු වලින්.)
7) Metal Gear 2 - Solid Snake
Metal Gear 2 පටන් ගන්නකොට game එකේ හැටියට 1999 අවුරුද්ද. මෙ කලේ වෙනකොට ලෝකය මහා තෙල් හිගයකට මුහුණ දෙනවා. මේ තෙල් ප්‍රශ්නය විසද ගන්න Dr. Kio Marv synthetic oil එකක් හදනවා.
මේ doctorව Zanzibar කියන ප්‍රදේශයේ ඉන්න කට්ටියක් පැහැර ගන්නවා. එහෙම කරන්නේ මේ doctor ගෙන් අර synthetic oil එකේ formula එක අරගෙන ලෝකෙටම තෙල් ඒකාධිකාරය ඒගොල්ලන් සතු කරගන්න. ඒ වගේම Zanzibar soldiers ලා metal gear එකකුත් හදනවා. ඒක මේගොල්ලෝ doctor පැනලා යන එක හරී, කවුරු හරි එයාව බෙරගන්න එක හරි නවත්තන්න තමයි යොදාගන්නේ. (කොහොම වුනත් මේ Zanzibar සිදුවීම පිටි පස්සෙත් Big Boss ඉන්නවා.)
Roy Camble,
Foxhound එකේ අලුත් ලොක්කා. Solid Snakeව යවනවා Zanzibar වලට මේ Dr. Kio Marvව බේර ගෙන එන්න. මේ mission එකෙදි දැනගන්න ලැබෙනවා Big Boss තාම ජීවතුන් අතර කියලා. Solid Snake
doctor ව බේරගන්න යනකොට පරක්කු වැඩී. එයා මැරිලා. පව් අප්පා . ඒ වුණාට Solid Snake synthetic
oil එකේ formula එක හොයාගන්නවා.
ඒ formula එකත් අරගෙන ආපහු එන්න හදනකොට Grey Fox metal
gear එකකින් ඇවිල්ලා Solid Snake ව මරන්න හදනවා. Grey Fox Solid Snake ව මරන්න හදන්නේ Solid Snake Big Boss ව මරපු නිසා. (මොකද Grey Fox (Frank
Jaiger) කියන්නේ Big Boss ගේ ඒකාලේ ඉදන්ම යාලුවෙක්.Foxhound එක පටන් ගන්න කාලේ ඉදන්ම Frank Jaiger Big Boss එකක් තමා ඉන්නේ.) කොහොම වුණත් Solid Snake
metal gear එකත් විනාශ කරලා Grey Fox වත් මරනවා.(මේ විදිහට දෙන්නා මරාගත්තට දෙන්නා කාලයක් හොද යාලුවොත් වෙලා හිටියා.)
Solid Snake in MGS 2 |
Grey Fox Solid Snakeව Metal Gearඑකෙන් මරන්න හදන ඒ භායානක මොහොත
|
ඊට පස්සේ Solid Snake Big Boss හොයාගෙන ගිහින් Big Boss වත් මරනවා. මේ පාර නම් සිරාවට මරනවා. හැබැයි Big Boss මැරෙන්න කලින් Solid Snake ට කියනවා එය තමයි තාත්තා කියලා.
Big Boss මැරුන කිව්වට මැරුනෙම නෑ. එයාව ආයිමත් coma එකකට වැටෙනවා. Big Boss මැරුනට පස්සේ, patriots එකේ කට්ටිය ඇවිල්ලා Big Boss ගේ body එක අරන් යනවා. ඊට පස්සේ Big Bossව cryogenic coma එකකට දානවා. එතකොට Big Boss ව patriots ලට ඕන කාලයක් සිහිය නැතුව තියාගන්න පුලුවන්. මේවා ඔක්කෝම Major Zero ගේ වැඩ තමයි ඉතිං. Major Zero මෙහෙම කරන්නේ Big Boss ගේ DNA යොදාගෙන තවත් Super soldiers ලා හදන්න. හැබැයි අපේ ocelotට මේ වැඩෙට සැහෙන්න යකා නගිනවා. ඊට පස්සේ Ocelot patriots එකටයි , Major
Zeroටයි ගේමක් දෙන්න plan කරනවා.
මේ වෙනකොට foxhound එකේ ලොක්කා Roy Camble නේ. හැබැයි Roy Camble Foxhound
එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඒකේ ලොක්කා වෙන්නේ Liquid
Snake.
අපි කවුරුත් වයසට යනවා නේ.ඔන්න ඉතිං Major Zero ත් වයසට යන්න පටන් ගන්නවා. හැබැයි මෙයාට patriots එක දාලා යන්න හිතෙන් නෑ. එයාගෙන් පස්සේ patriots එක කාටවත් භාර දෙන්න කැමති නෑ. ඒක නිසා Major Zero ටිකක් අමුතු වැඩක් කරනවා. එයා advance AI එකක් හදනවා. මේකෙ cores 5ක් තියෙනවා. එකක් ප්රධාන AI එක. අනික් ඒවා supporting AIs. ඊට පස්සේ Major Zero ගේ DNA එකේ තැන්පත් කරනවා. දැන් Major Zero ඉන්නේ මේ AI system එක ඇතුලේ. මේ AI එකට patriots එකේ හැමදේකටම access එක තියෙනවා. මේක නිකන් හරියට කෘතිම බුද්ධියක් වගේ.(හැබැයි එහෙම කලා කියලා Major Zero මැරෙන් නෑ. එයා ඉන්නවා. හැබැයි ඉතිං වයසයි.)
Dr.Naomi Hunter කියන්නේ Grey
Fox පොඩිකාලේ ඉදන්ම එයාගෙ නංගි වගේ හදාගත්ත කෙනෙක්. Grey Fox මැරුව එකේ පලිය ගන්න ඕන නිසා Dr.Naomi virus එකක් හදනවා. මේ virus එක තමයි fox-die කියන්නේ. මේකෙ විශේෂත්වය තමයි, මේ virus එකට program කරන ඕනම target එකක් හොයාගෙන ගිහින් ඒ පුද්ගලයාට විතරක් හැදෙනවා. Dr.nayomi මේ virus එක Solid saneටයි, liquid snakeටයි, solidus snake ටයි program කරලා release කරනවා.
Dr.Naomi Hunter |
0 comments
Post a Comment