ඔයා
පළවෙනි
පොස්ටුව කියෙව්වේ නැත්තන් මේක
මුලින්ම කියවන්න පටන්
ගන්න
එපා.
මොකද
මේකේ
සමහර
දේවල්
පළවෙනි
එකත්
එක්ක
සම්බන්ධයි. එක
නිසා
ඉස්සෙල්ලා ඒක
කියවල
හිටිය
නම්
නේද
හොද?
2) Metal Gear Solid - Portable Ops.
අවුරුදු 6කට පස්සේ FOX එකේ commander විදිහට Gene කියල කෙනෙක් පත් වෙනවා. මෙයා Snakeව අල්ලගෙන හිර කරලා වද දෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි philosophersලාගේ legacy එකේ අනික් භාගේ තියෙන තැන Snakeගෙන් අහගන්න.
හැබැයි Snake ඒ වදකාගාරයෙන් පැනලා ගිහින් Roy Camble කියලා කෙනෙක් හම්බෙනවා. Roy ගෙන් Snake දැනගන්නවා FOX එක කරපු සමහර වැරදි Snakeගේ පිට බොරුවට පටවලා ඒ මුවාවෙන්
philosophersලාගේ legacy එක ගැන දැනගන්න තමයි Snakeව අල්ලගෙන වද දීලා තියෙන්නේ කියලා.
මේක ගැන Snakeට ගොඩක් කේන්ති යනවා, ඒ නිසා FOXHOUND කියලා එයාගෙම සංවිධානයක් හදාගන්නවා. මේකේ ප්රධානම අරමුණ තමයි FOX එක විනාස කරලා දාන එක.
මේ වැඩෙට Ocelot,Major zero,Frank Jaiger කියන කට්ටියත් එකතු වෙනවා. Geneව මරලා මේ කට්ටිය Fox එක අල්ලගන්නවා. ඊට පස්සේ Fox එකේ නායකත්වය දෙන්නේ Snakeට. දැන් මේගොල්ලෝ team එකක් විදියට තමා වැඩ කරන්නේ. ඒ අතරතුරේ දැනගන්න ලැබෙනවා
philosophersලාගේ legacy එකේ ඉතුරු භාගේ තියෙන්නේ CIA එකේ ලොක්කා ගාව කියලා.
මේක මුලින්ම දැනගන්නේ Ocelot. Ocelot ගිහින් CIA ලොක්කවත් මරල philosophersලාගේ legacy එකේ ඉතුරු ටික අරන් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන ගානක් තියෙන bank account එකේ විස්තර. දැන් මේගොල්ලෝ ගාව මුළු philosopher legacy එකම තියෙනවා.
මේක මුලින්ම දැනගන්නේ Ocelot. Ocelot ගිහින් CIA ලොක්කවත් මරල philosophersලාගේ legacy එකේ ඉතුරු ටික අරන් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන ගානක් තියෙන bank account එකේ විස්තර. දැන් මේගොල්ලෝ ගාව මුළු philosopher legacy එකම තියෙනවා.
පස්සේ මේ කට්ටියම එකතු වෙලා නැවත philosophers සංවිධානය ගොඩනගනවා. නැවත ප්රතිසංස්කරණය කරනවා. හැබැයි බොහොම හොද විදියට. මුල්ම කාලේ තිබ්බා වගේ. හැබැයි මේකේ නම වෙනස් කරනවා Patriots කියල. එතකොට Patriots කියන්නේ philosophers සංවිධානයේ reorganization එකක්. මේකේ අරමුණු වෙන්නේ දක්ශ soldiersලා බිහි කිරීම, සැම රටක්ම ගෝලිය වශයෙන් එකට එකතු කිරීම හා විධාන(orders) නැති ලෝකයක් බිහි කිරීම.
Patriots එක පටන් අරන් ටික කාලයක් යන කොට Major zero ඒ කියන්නේ cipher, Patriots තුල එයාට තියෙන බලය අයුතු ලෙස පාවිච්චි කරලා Snakeටත් හොරෙන් project එකක් පටන් ගන්නවා.
ඒ තමා Snakeගේ DNA යොදාගෙන super soldiersලා හදන එක. මෙගොල්ලන්ගේ
physical abilities විතරක් නෙවෙයි රූපෙත් Snakeට සමානයි. මේ විදිහට clones 3ක් හදනවා. එතකොට මතක තියාගන්න ඔක්කොම Snakes ලා ඉන්නවා 5 දෙනෙක්.
- Original Snake-Big Boss.
- Liquid Snake.
- Solid Snake.
- Solidus Snake.
- Venom Snake(Punished Snake). -මෙයා clone එකක් නෙවෙයි. මෙයා MGSV phantom pain එකේ ඉන්නේ.
මේ clones වලින් වඩා සර්ථකම clone එක තමා Solidus Snake කියන්නේ. අනික් clones
දෙකම 100%ම සාර්ථක වුණේ නෑ. කොහොම උනත් මේ clones 3නම නිර්මාණය කරදී Zero මේ clones වල ආයු කාලය අඩු කලා. ඒ කියන්නේ වැඩිම උනොත් මේ තුන්දෙනා ජීවත් වෙන්නේ අවුරුදු 40යි. මේගොල්ලො ඉක්මනට වයසට යනවා. එහෙම කලේ මේ clones වැරදි කෙනෙක් අතට ගියොත් patriots ලට විරුද්ධව පාවිචි කරයි කියල හිතලා.
Solidus snake |
තමන්ට හොරෙන් මේ කරපු වැඩේ ගැන BigBossට කලකිරෙනවා. Big Boss patriots එක අත ඇරලා යනවා.ඊට පස්සේ තමා Big Bossට Millerව හම්බෙන්නේ. පස්සේ මේ දෙන්නා එකතු වෙලා Sans Frontieres කියන military group එක පටන් ගන්නවා.
To be continued...
0 comments
Post a Comment